උතුරු මුහුදේ අවසර නැතුව මසුන් ඇල්ලු ශ්රී ලංකා ධීවරයින් 26 ක් අත්අඩංගුවට…
July 28, 2017 at 8:02 am | lanka C newsබලපත්ර නොමැතිව උතුරු මුහුදට රහසිගතව ඇතුලු වී නීතිවිරෝධීව මහපරිමාණයෙන් මසුන් අල්ලමින් සිටි මෙරට ධීවරයින් 26 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
උතුරු නාවික විධානයට අනුයුක්ත නාවික සෙබලුන් පිරිසක් විසින් යාපනය පේදුරු තුඩුව මානට්කාඩු මුහුදු තීරයේදී බලපත්ර නොමැතිව නීති විරෝධී අයුරින් මසුන් ඇල්ලූ ධීවරයින් 26 දෙනෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පිරිසට අමතරව ඩිංගි බෝට්ටු 16 ක් මාළු දැල් 233 ක් ජී.පී.එස් යන්ත්ර දෙකක් මේ අතර වෙයි මෙසේ අත්අඩංගුවට ගත් පිරිස නාවික හමුදාව විසින් වැඩි දුර නීතිමය කටයුතු සඳහා පේදුරුතුඩුව ධීවර පරික්ෂක වෙතට භාර දී ඇත.
– වන්නි රොමේෂ් මධුෂංඛ