උතුරු මුහුදේ ඉන්දීය ධීවර අක්රමණයක්.. යාපනේ විරෝධතා…
January 23, 2022 at 5:30 pm | lanka C news
උතුරු මුහුදට ඇතුලු වන ඉන්දීය ධීවරයින්ගේ ආක්‍රමණය වහාම නැවත්විය යුතු බවටත් ඉන්දීය ධීවරයින් සිදුකල හානිවලට වින්දි ගෙවිය යුතු බවටත් පවසමින් යාපනයේ ධීවරයින් පිරිසක් විරෝධතාවක නිරත වූහ.
කරෙයිනගර් ධීවර සමූපාකාර සමිතිය මිගන් මෙම විරෝධථාව සංවිධානය කොට තිබූ අතර කරෙයිනගර් සමූපාකාර සමිතිය ඉදිරිපිටින් විරෝධතා පෙලපාලිය ආරම්භ වී කරෙයිනගර් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දක්වා ගමන්කරනු ලැබීය.
විරෝධතාවේ නිරත වූ ධීවරයින් වැඩිදුරටත් පවසා සිටියේ.
මේ වන විට ඉන්දීය ධීවරයන් විශාල පිරිසක් උතුරු මුහුදට ඇතුලු වන බවටත් ඉන් ඉතාම සුළු පිරිසක් පමණක් නාවික හමුදා අත්අඩංගුවට පත්වන අතරම විශාල පිරිසක් උතුරු මුහුදේ ධීවරයින්ට අයත් මුහුදු කලාපයේ මසුන් අල්ලන අතරම උතුරේ ධීවරයන්ගේ රුපියල් කෝටි ගණනක් වටිනා දැල් ආම්පන්නද විනාශ කොට ඇති බවටත්ය.
එමෙන්ම අත්අඩංගුවට ගන්නා ඉන්දීය ධීවරයන් කඩිනමින් නිදහස් නොකරන ලෙසටත් අත්අඩංගුවට පත් ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාද රාජසන්තක කිරීමට රජය පියවර ගත යුතු බවටත් තමන්ගේ විනාශ වූ දැල් ආම්පන්න වෙනුවෙන් රජය විසින් වන්දි ලබා දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කල යුතු බවටද විරෝධතාකරුවන් වැඩිදුරටත් ඉල්ලා සිටියහ.
විරෝධතාකරුවන් විසින් බලධාරීන්ගෙන් කඩිනම් විසඳුමක් ඉල්ලා කරෙයිනගර් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට සන්දේශයක් භාරදීමෙන් අනතුරුව විරෝධතාවය නවතා දමනු ලැබීය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
ජාතික ආරක්ෂාව අනතුරේ .
The chief culprit in this issue is the Indian Government who supports the TN political parties and boat owners for political patronage. Unless the SL Navy shoots all trespasses our northern waters we have to live this problem
කෝ මේ TNA කල්ලිය
WHATS OUR COAST GUARD PATROLLING,THEY GOT MANY SHIPS AS DONATION S THEY SHOULD GUARD THEW HOLE ECONOMIC ZONE AND NOT SPEND TIME CUTTING GRASS IN SHORE CAMPS
How can we take action? Our economy is at the mercy of Indian loans and the Indian fishermen know that. We need to strengthen our economy to be independent from any country.
ඉතින් ගහපල්ල කො. අපි මොනව කරන්නද? උබලට ඉස්සර යුද්ධ කරන්න උදව් කරපු අය නේ….! පුහුණු කදවුර දුන්නා….පරිප්පු දැම්මා නේ මයේ අම්මා….!