උතුරු මුහුදේ කැස්බෑවුන් ඇල්ලූ පිරිසක් අත්අඩංගුවට..

April 20, 2019 at 2:04 am | lanka C news
උතුරු මුහුදේ කැස්බෑවුන් ඇල්ලූ පිරිසක් අත්අඩංගුවට..

යාපනය පලෙයිතිව් දූපතට උතුරින් වූ මුහුදු ප්‍රදේශයේදී කැස්බෑවන් ඇල්ලූ පුද්ගලයින් තිදෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් සිදු කළ මුර සංචාරයක් අතරතුරදි සැක කටයුතු ධීවර යාත්‍රාවක් නිරික්‍ෂණය කර ඇති අතර, ක්‍ෂණිකව ක්‍රියාත්මක වූ නාවික හමුදාව එම ධීවර යාත්‍රාව පරීක්‍ෂාවට ලක් කරන අවස්ථාවේදී ධීවරයින් විසින් අල්ලන ලද ජීවී කැස්බෑවන් දෙදෙනෙකු නාවික හමුදාව විසින් සොයාගනු ලැබීය.

අත්අඩංගුවට පත් පුද්ගලයින් වයස අවුරුදු 23 සහ 18 වන වියෙහි පසුවන යාපනය, ගුරුනගර් ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.

එහිදී, ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රාවක්, පිටත දහන යන්ත්‍රයක් සහ කිමිදුම් උපකරණ කිහිපයක් නාවික හමුදා භාරයට ගෙන ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

2,168 Viewers
Main News