උතුරු මුහුද දැඩි සේ රලුවෙයි..

December 25, 2018 at 8:02 am | lanka C news
උතුරු මුහුද දැඩි සේ රලුවෙයි..

අයහපත් කාලගුණයත් සමග උතුරු මුහුද දැඩි සේ රලු වීමත් සමග මුහුදු ගමන් අවධානම් බැවින් උතුරේ ධීවරයින් විශාල මුහුදු ගමන් වලින් වැලකී සිටියහ.

මන්නාරම් සිට යාපනය දක්වා සහ යාපනයේ සිට මුලතිව් දක්වා වූ මුහුදු තීරය අද උදෑසන සිට දැඩි රල්‍ර ස්වාභායක් ගැනීමත් සමග උතුරේ ධීවරයින් මුහුදු ගමන්වලින් වැලකී සිටයහ.

එමෙන්ම මුහුදු රලු වීමත් සමග සුලගේ වේගයද වැඩි වී තිබෙන අතර ධීවරයින් විසින් සිය ධීවර යාත්‍රා සහ ධීවර ආම්පන්න ආරක්ෂිත ස්ථාන කරා රැගෙන යාමටද පියවර ගෙන තිබුණි.

මේ අතර පසුගිය දින කිහිපයේදී උතුරු මුහුද රලු වීම හේතුවෙන් උථුරේ ධීවරයින්ගේ දෙනික ධීවර කටයුතු වලට දැඩි බලපෑමක් එල්ල වී ඇති අතර මසුන් ඇල්ලීමට නොහැකි වීමෙන් දෛනික ආර්ථිකයටද බලපා ඇති බවට උතුරේ ධීවරයින් වැඩි දුරටත් පවසති.

– වන්නි රොමේෂ් මධුෂංඛ

163 views
Main News