උතුරු මුහුද රලු වෙයි.. මුහුදු ගමන් නවතියි… නාගදීප ගමනුත් නවතියි.. ඩෙලෆ් දූපතට ගය මගී නෞකා ආපසු නොඑයි.. පේදුරුතුඩුවෙදී යාත්‍රාවක් පෙරලෙයි..

December 17, 2018 at 2:08 am | lanka C news
උතුරු මුහුද රලු වෙයි.. මුහුදු ගමන් නවතියි… නාගදීප ගමනුත් නවතියි.. ඩෙලෆ් දූපතට ගය මගී නෞකා ආපසු නොඑයි.. පේදුරුතුඩුවෙදී යාත්‍රාවක් පෙරලෙයි..

උතුරු මුහුදේ පවතින අයහපති කාලගුණයත් සමග දූපත්හි මුහුදු මුහුදු ගමන් සමපූරණයෙන්ම (16) වන විට නැවතී අති අතර නාගදීප වන්දනාවන් වෙනුවෙන් සිදු කෙරෙනමුහුදු ගමන්වාර නවතා ඇති අතරම පේදුරුඩුව ප්‍රදේශයේ බෝට්ටුවක් පෙරලී විනාශ වී ඇති බවට යාපනයේ ධීවරයින් කියා සිටිති.

යාපනය මුහුද දැඩි ලෙස රලු වී ඇති අතර යාපනයේ සිට ඩෙල්ෆ් දූපතට දෛනිකව සිදු කෙරෙන මගී නෞකාවන්හි ගමන් කටයුතු ඊයේ සිට සම්පූරණයෙන්ම නවතා දමා ඇති අතර එහිදී ඩෙල්ෆ් දූපතට ගිය සංචාරකයින්ටද නැවත පැමිණීමට නොහැකිව සිටින බවට වාර්ථා වෙයි.

එමෙන්ම 16 සිට යාපනය නාගදීප විහාරය වනදනාමාන කිරීමට පැමිණෙණ බැතිමතුන් නාගදීප විහාරයට රැගෙන යන මගී නෞකාවල ගමන් කටයුතු නවතා ඇත්තේ නාදීප මුහුදු තීරයේද මුහුද දැඩි ලෙස රලුවී ඇති හෙයිනි.

මේ අතර පේදුරුතුඩුව ප්‍රදේශයේදී මුහුදු ගිය බෝට්ටුවක් පෙරලී ඇති අතර කිසිවෙකුටත් හානියක් සිදුවී නෙමැත්තේ අසල සිටි ධීවරයින් බේරාගැනීම හේතුවෙන් වන අතර පෙරලුනු බෝට්ටුව සම්පූරණයෙන්ම විනාශ වී ඇත.

කෙසේ වෙතත් පවතින අයහපත් කාලගුණයත් සමග ධිවරයින් රැසක්ද මුහුදු යාමෙන් වැලකී සිටින අතර ධිවර යාත්‍රාද ආරක්ෂාකාරීව ගාල් කොට ඇති අතර සුලි සුලං තත්වයක් ඇති වුවහොත් ජනතාවද ආරක්ෂාකාරී වන ලෙසට ආපදාකලමනාකරන නිලධාරීන් විසින් උතුරේ වැසියන් දැනුවත් කොට ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

42 views
Main News