උතුරෙන් දකුණට වියළි සහනාධාර..

June 2, 2017 at 2:23 am | lanka C news
උතුරෙන් දකුණට වියළි සහනාධාර..

උතුරු පළාත් ආණ්ඩුකාරවර රෙජිනොල්ඞ් කුරේගේ මැදිහත්වීමෙන් හා උපදේශනයෙන් උතුරු පළාතේ ද්‍රවිඩ ජනතාව හා රජයේ නිලධාරීන්ගේ පූර්ණ අනුග‍්‍රහයෙන් එකතු කරන ලද වියළි සහනාධාර යාපනය ආණ්ඩුකාරවර කාර්යාලය අසලින් දකුණ බලා පිටත් වීමට නියමිතය.

මෙම වියළි සහනාධාර යාපනය, මුලතිව්, කිළිනොච්චි, වවුනියාව යන දිස්ත‍්‍රික්ක වලින් එක්රැුස් කරඇති අතර ජූනි මස 03 වැනි දින පෙරවරු 9.00ට නිල වශයෙන් කළුතර දිස්ත‍්‍රික් ලේකම් යූ.සී.ඞී ජයලාල් මහතාට උතුරු පළාත් ආණ්ඩුකාරවර රෙජිනෝල්ඞ් කුරේ මහතා විසින් භාරදීමට නියමිතය.

ජාතීන් අතර සංහිඳියාව ඇරඹීමේ උච්චතම අවස්ථාව වර්තමානයේ එළඹ ඇතැයි පැවසූ උතුරු පළාත් ආණ්ඩුකාරවර වැඩිදුරටත් මෙසේ පැවසීය.

අතීතයේ සිඳීගිය ජාතීන් අතර පැවති සමඟිය වර්තමානය හා අනාගතයට නිර්ලෝභීව බිඳුනු සිත් යාකිරීමට අපට එළඹ ඇති මෙම සුන්දර අවස්ථාව මග නොහැර උතුරෙන් දකුණට යන මෙම ගමනේදී ද්‍රවිඩ ජනතාවගේ සහයෝගය සහ සෙනෙහස දෝතපුරා දකුණට රැුගෙන යාමේ අවස්ථාව සඳහා දකුණේ ජනතාවගේ සහයෝගය අපෙක්ෂා කරනු ඇතැයි පැවසීය.

– වජිර කොඩිතුවක්කු

24 views

One Comment to “උතුරෙන් දකුණට වියළි සහනාධාර..”

  1. CAT says:

    Be careful taking those foods and Be careful for what they send or Be careful what you eat…..Never trust Tamils .

Main News