උතුරෙන් වාර්තාවක්.. කේරල ගංජා කිලෝ 2130 ක් හමුවෙයි..

January 27, 2019 at 4:40 pm | lanka C news
උතුරෙන් වාර්තාවක්.. කේරල ගංජා කිලෝ 2130 ක් හමුවෙයි..

යාපනය, වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ රුපියල් කෝටි එකහමාරකට අධික වටිනාකමකින් යුත් කේරල ගංජා කිලෝග්‍රෑම් 110ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු ඊයේ (26) දින අත්අඩංගුවට ගත් බවට උතුරු පලාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කොට සිටියේය.

උතුරු පළාත් භාර ජෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතාට ලද තොරතුරක් මත වැල්වැටිතුරෙයි පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.එස්. කුමාරසේන මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් වැල්වටිතුරෙයි ප්‍රදේශයේ සිදු කරන ලද වැටලීමකදී අදාල සැකකරුවන් හා කේර්ල ගංජා තොගට අත්අඩංගුවට ගෙන ඇත.

මේ අතර ගතවූ වසර එකහමාරක කාලය තුලදී උතුරු පලාතෙන් පමණක් කේරල ගංජා කිලෝ 2130 ක් පමණ අත්අඩංගුවට ගෙන ඇති බවටද උථුරු පලාත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යලය සඳහන් කොට සිටියේය.

ඊයේ (26) දින අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර වැල්වැටිතුරෙයි පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ සිදු කරයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

18 views

6 Comments to “උතුරෙන් වාර්තාවක්.. කේරල ගංජා කිලෝ 2130 ක් හමුවෙයි..”

  1. Raniya says:

    hmmmm, Mewa wikunala hari dan lankawe nya gewanna puluwan….

    • It's LEGAL" says:

      ගංජා වවන්න කැබිනට් පත‍්‍රිකාවක් දැම්ම නිසා
      ලෝක ගංජා සමුළුවට රාජිත යනවා කිව් නිසා
      උතුරෙන් මුලු ලක්දිවටම ගංජා දැන් ගේන නිසා
      ගංජ තම්බලා බොන්න රාජිත සහතිකය නිසා

  2. desta says:

    sumata kiyanna beraganna puluwan ranata eka call ekai

  3. desta says:

    suma says : me DIG ape badu allanawa wedii rana says:okawa mama trancer karannam sunka division ekata suma says: anna hari rana ikmanata nethnam badudiyage kuduth mu allai rana says: ewa koheda kudu ice marujuwana cocaine apita onne me gon sinhala kollanwa nethi karanna

  4. LION says:

    පිරපාකරන් ආයුද මිලදී ගන්න මුලදී කලෙත් මේ ජාවාරමයි

  5. MJ says:

    UNP toyyani Dan sepada? Thamange lamaya kawadahari ganjawalata kudu walata abbahi unaama theerei. Lankawe minissun ledaroogi karana UNP haa pitaratawala plans

Main News