උතුරේ අතුරුදහන් වූවන් සමරද්දි අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විරෝධතාවයක…

December 4, 2019 at 2:05 am | lanka C news
උතුරේ අතුරුදහන් වූවන් සමරද්දි අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විරෝධතාවයක…

යුද සමයේදී එකම දිනයකදී  වවුනියාව සෙට්ටිකුලම ප්‍රදේශයේදී අතුරුදහන් වූ පුද්ගලයින් පණස් දෙදෙනෙකුගේ වසර 35 ක් ගතවීම නිමිත්තෙන් ඔවුන්  සිහිපත් කිරීමේ පින්කමක් සෙට්ටිකුලම පොදු ක්‍රීඩාංගණයේදී පැවැත්වුණි.

ඊට අමතරව එම සැමරුම සෙට්ටිකුලම් ප්‍රදේශයේ පවත්වන අතරතුරදී වව්නියාව තැපල් කාර්යාලය ඉදිරිපිට සත්‍යග්‍රහයක නිරත වී සිටින යුද්දෙන් අතුරුදහන් වූවනගේ ඥතීන් විසින් විරෝධතාවයක්ද සංවිධානය කොට තිබුණි.

අතුරුදහන් වූ 52 දෙදෙනාගේ සිහිපත් කිරීමේ අවස්ථාව වෙනුවෙන් ආගමික  නායකයින් හා අතුරුදහන් වූවනගේ ඥාතීහු පිරිසක් සහභාගී වූ අතර ඔවුන් එහිදී මල් පහන් දල්වමින් ප්‍රාර්ථනා කොට සිටියේ අතුරුදහන් වූවන්ට යළි ඔවුන්ගේ ඥාතීන් සමග එක් වීමට අවස්ථාව උදාවේවායි යනුවෙනි.

එමෙන්ම විරෝධතාවයේ නිරත වූ අතුරුදහන් වූවනගේ ඥාතීන් කියා සිටියේ සෙට්ටිකුලම්හි අතුරුදහන් වූවන්ට අමතරව උතුරු නැගෙනහිර යුද්දය හේතුවෙන් 20,000 කට අධික ප්‍රමාණයක් අත්රුදහන් වී ඇතත් කිසිදු රජයක් හෝ ජාත්‍යන්තරයෙන්ද තම ගැටලු වෙනුවෙන් විසඳුම් නොලැබුනු බැවින් යුද්දයෙන් අතුරුදහන් වූවන්ට දැඩි අසාධාරණයක් සිදුව ඇති බවටය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

5,692 Viewers
Main News