උතුරේ ආණ්ඩුකාර-මහ ඇමති එලි පිට ගැටේ..

August 19, 2018 at 8:02 am | lanka C news
උතුරේ ආණ්ඩුකාර-මහ ඇමති එලි පිට ගැටේ..

07.30 වන දින යාපනයේ උදයන් පුවත් පතේ පිටු අංක 11 ට අනුව ”පළාත් සභාව විසුරූ පසු ආණ්ඩුකාරවරයා කිලිනොච්චියේ පන්සල් හදන්න යයි” යන සිරස්තලය යටතේ් උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් මහතා ප‍්‍රකාශයක් කර තිබුණි.

ඒ සඳහා උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය සහ මාධ්‍ය ඒකකය පහත සඳහන් පිළිතුර නිකුත් කර තිබේ.

එම පුවත් පත් වාර්තාව මගින් සී. වී. විග්නේෂ්වරන් මහතා සඳහන් කරන පරිදි කිලිනොච්චිය ප‍්‍රදේශයේ බෞද්ධ විහාරස්ථාන දෙකක් ඉදි කිරීම සඳහා පළාත් සභාව විසුරුවීමෙන් පසු කටයුතු කිරීමට ආණ්ඩුකාරවරයා සැලසුම් සකස් කරමින් සිටින බව ප‍්‍රකාශ කරයි.

එම ප‍්‍රකාශය මුලූමනින්ම සාවධ්‍යය. එවැනි විහාරස්ථාන තැනීම හෝ ඉදි කිරීම සඳහා කිසිදු සැලැස්මක් ආණ්ඩුකාර කාර්යාලය විසින් කි‍්‍රයාත්මක කිරීමට කිසිදු සැලසුමක් සකස් කර නොමැති අතර විග්නේෂ්වරන් මහතාට අප අභියෝග කරනුයේ ඉදි කිරීමට යෝජිත විහාරස්ථාන දෙක කවරක්ද යන බවත්, එය ඉදි කරන ප‍්‍රදේශය අයත් ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශය හෙලි කරන ලෙසත්ය. කිසිදු ආගමක් ප‍්‍රචාරණය කිරීමට හෝ ප‍්‍රවර්ධනය කිරීමට ආණ්ඩුකාරවරයා හෝ ආණ්ඩුකාර කාර්යාලය මේ වන තෙක් කිසිදු පියවරක් ගෙන නොමැති අතර සෑම ආගමකටම ගරු කරමින් කටයුතු කරන ආණ්ඩුකාරවරයාට අභූත චෝදනා නොකරන ලෙස සී. වී. විග්නේෂ්වරන් මහතාට අවධාරණය කරමු. පටු දේශපාලන වාසි තකා හැම විටම, හැමදාමත් අසථ්‍ය ප‍්‍රකාශ කරමින් කටයුතු කරන විග්නේෂ්වරන් මහතාගේ තවත් බොරුවක් ලෙස මෙය හැඳින්විය හැකිය.

පසුගිය කාලයේදීත් උතුරේ පුනරුත්තාපනය වූ තරුණයන්ට පුරුෂ ශක්තිය හීන වීම සඳහා එන්නත් ලබා දෙන බව ප‍්‍රකාශ කරමින් මහත් ඝෝෂාවක් කළ විග්නේෂ්වරන් මහතා එම බොරුව හමුවේද පරාජය විය. එසේම පසුගිය දිනක උතුරු පළාත් ආණ්්ඩුකාරවරයා විසින් 2017/285 නඩුවට අදාලව අභියාචනාධිකරණය ලබා දුන් අධිකරණ නියෝගයට සම්බන්ධව 2018.07.11, 12, 13 දිනැතිව යවන ලද ලිපි විග්නේෂ්වරන් මහතාට නොලැබූණු බව ප‍්‍රකාශ කරමින් අසත්‍ය ප‍්‍රකාශ පළාත් සභාවේදීද කළ බවට තහවුරු වී ඇත.

ඉතාම මෑතකදී උතුරේ ආණ්ඩු 03 ක් පවතින බව ප‍්‍රකාශ කරමින් මහත් ඝෝෂාවක් කළ ප‍්‍රධාන අමාත්‍යවරයා එම තත්ත්වය යටතේද පසුව නිශ්ශබ්ද පිළිවෙතක් අනුගමනය කරමින් කටයුතු කරන ලදී.

උතුරේ සිංහල ජනපද ප‍්‍රවර්ධනය කරන බවට චෝදනා කළ ප‍්‍රධාන අමාත්‍යවරයා එහිදීද අසත්‍ය ප‍්‍රකාශ කරන බවට සනාථ විය.

මෙවන් පසුබිමක් යටතේ උතුරේ ප‍්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් මහතා නුදුරේදි විසුරුවීමට යෝජිත උතුරු පළාත් සභාවේ බලය අහිමි වීම නිසා නන් දොඩවන බව, සිහින දකින බව, අසත්‍ය ප‍්‍රකාශ කරන බව අප හට ඉතාමත් පැහැදිලිය.

– උතුරු පළාත් ආණ්ඩුකාරවර මාධ්‍ය ඒකකය

131 views
Main News