උතුරේ කාන්තාවන්ට සිදුවන ලිංගික හිංසන විමර්ශනයට කමිටුවක්..

February 12, 2019 at 2:06 am | lanka C news
උතුරේ කාන්තාවන්ට සිදුවන ලිංගික හිංසන විමර්ශනයට කමිටුවක්..

උතුරු පළාතේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සේවය කරන කාන්තාවන් ලිංගික හිංසනයන්ට ලක්වීම සම්බන්ධයෙනුත් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව නොමැතිකම සම්බන්ධයෙනුත් ආණ්ඩුකාරතුමාගේ අවධානයට බොහෝ පැමිණිලි ඉදිරිපත්වී ඇත.

මේ පිළිබඳ විමර්ශන කටයුතු සිදුකර මේ සඳහා විසඳුම් ලබා දීමට විමර්ශන කමිටුවක් පත් කිරීමට ගරු ආණ්ඩුකාරතුමා තීරණය කර ඇත.

තිදෙනෙකුගෙන් සමන්විත මෙම විමර්ශන කමිටුවේ කාන්තාවන් දෙදෙනෙකු ඇතුලත් කිරීමට නියමිත අතර එයින් එක් අයෙකු  පැමිණිලිකරුවන්ගෙන් යෝජනා වූ  කෙනෙක් වනු ඇත.

එමෙන්ම උතුරු පළාතේ අධ්‍යාපන ක්ෂේත්‍රය වැඩි දියුණු කිරීමේ අරමුණින් උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයට තම උපදෙස් හා නිවැරදි මගපෙන්වීම් ලබා දීමට 15 දෙනෙකුගෙන් යුත් ජේෂ්ඨ විද්වතුන්ගේ සභාවක් ගරු ආණ්ඩුකාරතුමා තීරණය කර ඇත.

– උතුරු පලාත් ආන්ඩුකාරවර මාධ්‍ය ඒකකය

48 views
Main News