උතුරේ කොටි සැමරුම්…

November 19, 2021 at 12:40 pm | lanka C news
උතුරේ කොටි සැමරුම්…

නොවැම්බර් 26 වනදාට යෙදී ඇති එල්.ටී.ටී.ඊ. මහවිරු දිනය ඇතුලු මහවිරු සතිය සැමරීම් සඳහා උතුරේ පොලිස් ස්ථාන පොලිස් ස්තාන කිහිපයක් මගින් අධිකරණ තහනම් නියෝග ලබාගෙන ඇත.

මුලතිව්, පුදුකුඩිඉරිප්පු, මුල්ලියාවලෙයි, මාන්කුලම්, අයියන්කුලම්, ඔඩ්ඩුසුඩාන් සහ මල්ලාවි යන පොලිස් බලප්‍රදේශයන් වෙනුවෙන් මුලතිව් මහෙස්ත්‍රාත් ආර්. සර්වණරාජා මහතා විසින් මුලතිව් දිස්ත්‍රීක්කයේ පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් ඇතුලු පුද්ගලයින් 64 දෙනෙකුට අධිකරණ තහනම් නියෝගයන් පනවනු ලැබීය.

ඒ අනුව මුලතිව් පොලිස් බලප්‍රදේශයේ පුද්ගලයින් 12 දෙනෙකුටද , මුල්ලියාවලෙයි ප්‍රදේශයේ 11 දෙනෙකුට, ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ 3 දෙනෙකුට, මාන්කුලම් ප්‍රදේශයේ 09 දෙනෙකුට, පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ 14 දෙනෙකුට, අයියන්කුලම් ප්‍රදේශයේ 08 දෙනෙකුට සහ මල්ලාවි පොලිස් බලප්‍රදේශයේ 07 දෙනෙකුට මෙලෙසඅදාල පොලිස් ස්ථාන මගින් අධිකරණ තහනම් නියෝග ලබාගෙන ඇත.

මෙලෙස මහවිරු සැමරුම් සඳහා අධිකරණ තහනම් නියෝග ලැබූවන් අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.ශ්‍රීධරන්, ගජේන්ද්‍රකුමාර් පොන්නම්බල්ම, එස්.ගජේන්ද්‍රන්, හිටපු මන්ත්‍රීවරුන් වූ ශිවසක්ති ආනන්දන්, එස්.සිවමෝහන්, හිටපු පලාත් සභා මන්ත්‍රීවරුන් වන එම්.කේ.සිවාජිලිංගම්, ටී.රවිකරන්, ප්‍රාදේශීය සභා නියෝජිතයින්ට ආදි සිවිල් සංවිධාන, අතුරුදහන් වූවන්ගේ සංගම් නියෝජිතයින් මේ අතර වෙයි.

මේ අතර අද දිනයේදී උතුරු පලාතේ සෙසු දිස්ත්‍රීක්කයන් වන වවුනියාව, කිලිනාච්චිය, මන්නාරම සහ යාපනය දිස්ත්‍රීක්කයන්හි මහවිරු සැමරුම් සඳහා අධිකරණ නියෝගයන් ලබා ගැනීමට අදාල පොලිස් ස්ථාන විසින් පියවර ගෙන ඇත.

අධිකරණ තහනම් නියෝගයන් කඩ කොට මහවිරු සැමරුම් සමරන පිරිස් වෙනුවෙන් දැඩි නීතිය ක්‍රියාතමක කිරීමටද පියවර ගන්නා බවට උතුරේ ආරක්ෂක අංශ වැඩිදුරටත් පවසා සිටියි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

17,896 views

7 Comments to “උතුරේ කොටි සැමරුම්…”

  1. Hora says:

    Ko ape gobba sena?

  2. Simon says:

    Chande lagine

  3. SL says:

    අනුරාධපුරේ විහාර ය හදපු එකට නහයෙන් අඬල පාර්ලිමේන්තුව දෙවනත් කරපු අම්මණ්ඩි ට කීව නම් නරක ද?

  4. 3% ට බය බයියා. says:

    අවුලක් නැහැ කරුණා අම්මාන් පිල්ලෙයාන් පොහොට්ටුවේ ඉන්න නිසා .

  5. MD says:

    ඵක රටක් ඵක නීතියක්.හොඳට හොඳයි නරකට අන්තිම නරකයි පරිස්සමින් හොඳේ.බොරු ආතල් අරගෙන දමිළ ඩයස්පෝරාවේ NGO වලට බත් බැලයෝ නොවී ඉපදුන රටට ණය කාරයෙක් නොවී සාධාරණ රැකියාවක් කරගෙන සතුටින් ඉන්න.අනුන්ගේ සතුට උදුරගන්න යන්න ඵපා.

    • Sahan says:

      රාජපක්ෂ පවුලේ ඩොලර් කාක්කෝ ගැන නේද කිව්වේ

  6. Maha sinhale says:

    දෙමළ ජනගහනයෙන් උතුර නැගෙනහිර වසන්නේ පහෙන් දෙකක් පමණි. පහෙන් තුනක් ඇත්තේ දකුණේය. දැන් දෙමළ වීම නිසා හටගෙන ඇති ප්‍රශ්නය ඇත්තේ කොහිද? උතුරෙහි ද දකුණෙහිද? විසඳුම දෙන්නේ හෝ ඊනියා ඊළම දෙන්නේ කාටද? අනෙක දෙමළ වීම යනු භාෂාවෙන් ද නොඑසේ නම් සංස්කෘතියෙන්ද? මන්ද යත් දෙමළ භාෂාව කතා කරන තවද ජනවර්ග (මුස්ලිම්) මෙහි සිටින බැවිනි. මේ ඊනියා ප්‍රශ්නයේ අසංස්ථිතික බව මොවුනට සැඟවිය නොහැක.