උතුරේ ගංවතුරෙන් නිවාස අහිමි සැමට නිවාස දෙනවා..- සජිත්
January 2, 2019 at 6:30 am | lanka C news
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක හා නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස ඊයේ (31) දින කිලිනොච්චිය හා මුලතිව් දිස්ත්‍රීක්කයන්හි ගංවතුරින් විපතට පත් වැසියන් වෙනුවෙන් අධාර බෙදා දීමේ වැඩසටහනක් සංවිධානය කොට තිබුණි.
එහිදී පළමුව අමාත්‍ය සජිත් ප්‍රේමදාස විසින් පළමුව කිලිනොච්චිය දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේදී කිලිනොච්චිය දිසාපති සුන්දරම් අරුමෙයිනායගම් මහතා ඇතුලු ආපදා නිලධාරීන් සමග සාකච්ඡාවක නිරත වූවේ විපතට පත් වැසියන්ට සහන සැලසීම හා වන්දි ලබා දීම පිළිබඳව වූ අතර එම අවස්ථාවට පලනි දිගම්බරන් අමාත්‍යවරයා, දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් ඇතුලු පිරිසක්ද සහභාගී විය.
අනතුරුව අමාත්‍ය සජිත් ප්‍රේමදාස අතින් කිලිනොච්චියේ විපතට පත් වැසියන් හට වියලි ආහාර ඇතුලු ආධාර ලබා දීම සිදු විය.
අනතුරු මුලතිව් මණ්නන්කණ්ඩාල් ප්‍රදේශයේ පිහිටි ආරක්ෂිත කඳවුරක රැඳී සිටින ගංවතුරින් විපතට පත් වැසියන් හමු වීමට ගිය අතර එහිදී අමාත්‍ය වරයා විසින් එම වැසියනටද වියලි ආහාර ඇතුලු අධාර ලබා දීම සිදු වූ අතර එම අවස්ථාවට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා මහත්මිය හා මුලතිව් දිසාපතිනිය රූපවතී කේදීස්වරන් මහත්මිය ඇතුලු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
ගංවතුර ආධාර ලබා දීමේ අවස්ථාවට සහභාගී වූ අමාත්‍ය සජිත් ප්‍රේමදාස කියා සිටියේ.
‘‘ඇත්ත වශයෙන්ම මේ ප්‍රදේශවල ජීවත්වන ජනතාව ගංවතුර හේතුවෙන් දැඩි ලෙස අසරණ වෙලා ඉන්නේ ඔවුන්ට සහන සැලසීම වෙනුවෙන් අද අපි රුපියල් ලක්ෂ 50 කට අධික සහල ඇතුලු අනෙකුත් වියලි ආහාර වර්ග බෙදා දීමට රැගෙන ආවා විශේෂයෙන් මෙහිදී මතක් කරන්න ඕන ගංවතුර හේතුවෙන් විනාශයට පත් වූ ජනතාවගේ නිවාස ප්රශ්නය ඉතාම කෙටි කාලයකින් විසඳීමටත් ගංවතුර හේතුවෙන් විනාශ වූ නිවාස වලටත් වැඩිය ඉතා හොඳ තත්වයේ නිවාස ලබා දීමට අපි කටයුතු කරනවා.
ගංවතුරින් විනාශ නිවාස නැවත ඉදිකිරීම ජනවාරි මාසයේම අපි පටන් ගන්නවා එය ජනවාරි මස12 වැනිදා වූ මගේ උපන්දිනයදාම මේ නිවාස ඉදිකිරීමේ කටයුතු ආරම්භ කිරීමට පියවර අරන් තියෙන්නේ ඒ වගේම ගංවතුරින් විපතට පත් වූ වැසියන් ප්‍රමාණය තවමත් සමීක්ෂණය කෙරෙමින් පවතිනවා නමුත් අපි මෙතෙක් එක් රැස් කරගත් තොරතුරු අනුව මුල් ආරම්භය සිදු කරනවා. යනුවෙනි.
– වන්නි රොමේෂ් මධුෂංඛ
gewal dewatawa sajith deviya mole kadulak neha
සිංහලයන් උතුරේ පදිංචිවීමට එරෙහිව උතුරේ දේශපාලනඥයෝ කටයුතු කරත්. මෙය දැනට වසර 60ක පමණ කාලයක සිට ඔවුහු ඉතා සාර්ථක ලෙස කරගෙන යන්නකි.
කණගාටුවට කරුණ වන්නේ දකුණේ නායකන් උතුරේ දේශපාලනඥයන්ගේ මෙම ජාතිවාදී වැඩපිළිවෙලට ඉඩ දී බලාසිටීමය.
සිංහලයන්ට වන අසාධාරණය
ද්‍රවිඩයන්ට ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක ඉතා නිදහසේ ජිවත් විය හැක. අද කුරුනෑගල, තිස්සමහාරාම වැනි සිංහල බහුතරය ජීවත්වෙන ප්‍රදේශවල ද්‍රවිඩයන් ජිවත් වෙත්. මෙහි වරදක් නැත. නමුත් මෙම සිද්ධාන්තය සිංහලයන්ට උතුරේ ජිවත් වීම් සඳහාද බල පෑ යුතුය. අද එය එසේ බල නොපායි.
සිංහලයන්ට උතුරේ ගොවිපලවල්, ව්‍යාපාර පටන් ගැනීමට, එසේ නොමැති නම් උතුරේ වූ නිස්කලංක පරිසරයේ ජීවත්වීමට, එවැනි දේ කැමති අයට අවස්ථාව සැලසිය යුතුයි. නියම සංහිඳියාව යනු මෙයයි.නමුත් අද සිදුවන්නේ එයට ඉඳුරාම විරුද්ධ දෙයකි. එසේ යන අයව වැලැක්වීම සහ ඒ අයට අවශ්‍ය පහසුකම් නොලැබීමයි.
සංහිඳියාව පිළිබඳව අප දැන් උදේ සවස මාධ්‍ය මඟින් අසමු, දකිමු. සංහිඳියාව හොඳ දෙයකි. නමුත් සංහිඳියාව දෙපාර්ශ්වයටම ක්‍රියාත්මක විය යුතුයි. සංහිඳියා පණිවුඩය සිංහල, දෙමල, මුස්ලිම් සියළු දෙනාටම එක සේ අදාළ බව පෙන්වා දීම රජයේ යුතුකමකි. සිංහල මාද්‍ය මඟින් සංහිදියා පිළිවෙත අනුගමනය කරන මෙන් නොකඩවා දෙන උපදෙස් දෙමල, මුස්ලිම් මාධ්‍ය මඟින් එම ප්‍රජාව වෙතද ලබාදෙනවාද කියා සොයා බැලිය යුතුයි.
නිදහසේ තමන් කැමති තැනක ජීවත්වීම අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියවීමේදී එහි අන්තර්ගත බව පැහැදිලියි. ශ්‍රී ලංකාව විසින් අත්සන් කර ඇති International Covenant on Civil and Political Rights 1966 නමැති ජාත්‍යාන්තර ප්රඥප්තියේද මේ බව සඳහන් වේ.
සිංහලයන්ට උතුරේ පදිංචි විමට ඉඩ නොදීමෙන් රජයන් සහ ද්‍රවිඩ දේශපාලනඥයන් ජාතික සහ අන්තර් ජාතික නීති කඩ කරත්.
Usa ayata usa gewal.
Miti ayata miti gewal.
උතුරු පළාතේ මුලතිව් දිස්ත්‍රික්කයේ කෝකිලායි සිංහල ගම්මානයේ ප්‍රජා ශාලාව සදහා වැසිකිලියක් සාදාගැනීමට මුහුදුබදපත්තු ප්‍රාදේශීය ලේකම් ඉඩ නොදෙන බව කෝකිලායි ශ්‍රී සම්බෝධි විහාරාධිපති තිස්සපුර ගුණරතන හිමි සදහන් කර සිටියා.
කෝකිලායි සිංහල ගම්මානයේ ඇති ප්රජාශාලාවන් දෙකක් සදහා අවශ්‍ය වැසිකිලි ඉදිකිරිම සදහා ධිවර අමාත්‍යවරයා විසින් මුදල් වෙන්කර ඇති අතර එම වැසිකිලි ප්‍රජාශාලාව සතු ඉඩමේ ඉදිකිරීමට දිය නොහැකි බව ප්‍රාදේශීය ලේකම් ගුණපාලන් මහතා පැවසුබව මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගුණරතන හිමි සදහන් කර සිටියා.
මේ පිලිබදව උතුරුපලාත් ආණ්ඩුකාරවරයවෙත පැමිණිලි කලත් කිසිදු සාධාරණ විසදුමක් ලබාදීමට ඔහුට හැකියාවක් ලැබී නෑ.
වැසිකිළියක්වත් ඉදිකරීමට ඉඩ නොදෙන උතුරේ රාජ්‍ය නිලධාරීන්ගෙන් දුක් විදින උතුරේ සිංහලයන් වෙනුවෙන් බලාපොරොත්තු විය හැක්කේ කුමක්දැයි මෙහිදී උන්වහන්සේ ප්‍රශ්න කර සිටියා.
රනිල් මහතාගෙන් අපට විමසිය යුතු පැනයක් ඇත. 30 වසරක දෙමළ බෙදුම්වාදී ත්රස්තවාදීන් උතුරෙන් පලවා හැරි සිංහල ජනතාවගේ ජීවත්වීමේ අයිතිය සහ ඉඩම් අයිතිය වෙනුවෙන් එක වචනයක්වත් කතා නොකරන්නේ දෙමළ ඡන්ද කුට්ටියට ඇති කෑදරකම නිසාදැයි, අපි විමසීමට කැමැත්තෙමු. උතුරෙන් පලවා හැරි සිංහල ජනතාවගේ වත්කම්, දෙපළ, ඉඩම් නැවත ලබා දෙන ලෙස ඉල්ලා නොසිටින්නේ, උතුරු නැඟෙනහිර දෙමළ ජනතාවගේ නිජ බිම ලෙස පිළිගන්නා නිසා දැයි අපි වැඩි දුරටත් විමසන්නෙමු.