උතුරේ ගංවතුරෙන් විපතට ලත් වැසියන් 4450ක් යුද හමුදාව විසින් බේරාගැනේ..
December 24, 2018 at 12:40 pm | lanka C news
මුලතිව් දිස්ත්‍රීක්කයට ඇතිවූ ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුදුකුඩඉරිප්පු මුත්තියන්කඩ්ඩු වැවේ වාන කැඩී යාම හේතුවෙන් ඇති වූ ගංවතුර තත්වයක් හේතුවෙන් මේ වන විට පවුල් 1414 කට අයත් පුද්ගලයින් 4450 දෙනෙකු විපතට පත්ව ඇති බවට මුලතිව් ආපදා කලමනාකරන ඒකකය කියා සිටියේය.
මුත්තියන්කඩ්ඩු වැව කැඩීයාම හේතුවෙන් පවුල් 440 කට අයත් පුද්ගලයින් 724 දෙනෙකු ගංවතුරට කොටු වී සිටි අතර එහිදී මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් දුෂ්‍යන්ත රාජගුරු මහතාගේ උපදෙස් පරිදි 64 වන සේනාංකයේ යුද හමුදා සෙබලුන් විසින් ගංවතුරට කොටුවූ වැසයින් බෝට්ටු ආධාරයෙන් බෙරාගෙන ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට පියවර ගෙන ඇත.
මේ අනුව මුලතිව්හි ආරක්ෂිත කඳවුරු 22 ක පවුල් 1215 කට අයත් පුද්ගලයින් 3656 දෙනෙකු රඳවා ඔවුන්ට අවශ්‍ය පිසූ ආහාර ඇතුලු අනෙකුත් පහසුකම් සැපයීමට මුලතිව් ආපදාකලමනා කරන ඒකකය ඇතුලු යුද හමුදාව විසින් පියවර ගෙන ඇත.
එහිදී වැඩිම පිරිසක් විපතට පත්ව ඇත්තේ මුත්තියන්කඩ්ඩු , කරවලකණ්ඩාල්, සුදන්දිරපුරම් , භාරතපුරම්, වල්ලවාපුරම් ඇතුලු ප්‍රදේශ වෙයි.
මේ අනුව මුලතිව්හි ඔඩ්ඩුසුඩාන්, පුදුකුඩිඉරිප්පු, තුනුක්කායි, මැරටියන්පත්තු, මාන්තෙයි නැගෙනහිර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි ජනතාව විපතට පත්ව ඇති බවට මුලතිව් ආපදාකලමනාකරන ඒකකය විසින් පෙන්වා දෙයි.
කෙසේ වෙතත් පවතින වර්ෂාව හේතුවෙන් විපතට පත් සඛ්‍යාව ඉහල යාමේ අවධානමක්ද පවතින අතර ජනතාවටද අවධානමෙන් සිටින ලෙසට දැනුම් දී ඇති බවටද මුලතිව් අපාදාකලමනාකරන ඒකකය විසින් වැඩි දුරටත් කයා සිටියේය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
මේ කාලකන්නි සක්කිලි දෙමළුන්ට කලගුණ සලකන්න දන්නේ නැහැ …කොටි ත්රස්තවාදීන් සැමරු එකේ සාපය දැන් පලදිලා
WhoNP comes with disasters
ජාතිවාදී ලෙස අදහස් ප්‍රකාශ කිරීම රටේ ජනවාර්ග අතර ජාතික සමගියට හා ඒ,ඒ ජන කොටස් අතර විශ්වාසය නැති වී නැවත ජාතික අර්බුද අර්බුදයක් දක්වා තල්ලු වීමට මග පාදනු ඇත; 1956 සිංහල භාෂා පනත සම්මත කිරීමෙන් පසු දෙමළ ජනතාව සිංහල ජනතාව අවිශ්වාස කිරිම පමණක් නොව ඊට පසුව දෙපිරිස අතර කල කෝලාහල ලේ වැගිරීම් කොතෙක් ඇති වී ඇද්ද ? දෙමළ ජන කොටස් ආයුධ සන්නද්ධ අරගල ( ත්‍රස්තවාදී ක්‍රියා ) වලට යොමු විය. ජාතීන් අතර අවිශ්වාසය මුලින් ම උපුටා දැමිය යුතුය. දකුණු අප්‍රිකානු හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලාගේ දේශපාලන භාවිතය අධ්‍යයනය කිරීම වැදගත් වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 ව්‍යවස්ථාවේ 2 වැනි අනු ව්‍යවස්ථාවේ මුල් ඡේදයේ ” කිසිම පුරවැසියකු වර්ගය, ආගම ,භාෂාව,කුලය,ස්ත්‍රී පුරුෂ භේදය , ,දේශපාලන මතය හෝ උපන් ස්ථානය යන හේතු මත හෝ ඉන් කවර හේතුවක් මත හෝ වෙනස් කමකට හෝ විශේෂයකට භාජන නොවිය යුත්තේ ය” යනුවෙන් ව්‍යවස්ථා කර ඇත