උතුරේ ගංවතුර.. පුද්ගලයින් 17,000ක් පීඩාවේ…

January 16, 2021 at 2:30 am | lanka C news
උතුරේ ගංවතුර.. පුද්ගලයින් 17,000ක් පීඩාවේ…

ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හා ගංවතුර තත්වයන් හේතුවෙන් යාපනය , කිලිනොච්චිය හා මන්නාරම දිස්ත්‍රීක්කයන්හි පවුල් 3000 කට ආසන්න පුද්ගලයින්  17,000 කට අධික පිරිසක් පීඩාවන්ට පත්ව ඇති බවට ආපදා කලමනාකරන නිලධාරී කාර් යාල පවසයි.

වර් ෂාව හේතුවෙන් වැඩිම පිරිසක් පීඩාවන්ට පත්ව ඇත්තේ කිලිනොච්චිය දිස්ත්‍රීක්කයේ වන අතර කිලිනොච්චිය ඉරණමඩු ජලාශයේ සියලුම වාන් දොරටු විවෘත්ත කිරීම හේතුවෙන් වාන් ජලය නිසාවෙන් ගංවතුර තත්වයක් ඇතිව තබේ.

මේ අනුව කිලිනොච්චියේ කණ්ඩාවලෙයි, කරච්චි, පූනකරී, සහ පච්චිලයිප්පලිල් ප්‍රදේශයන්හි පුද්ගලයින් 14,000 කට අධික පිරිසක්ද, යාපනයේ පේදුරුතුඩුව, චාවකච්චේරි, සන්දිලිප්පායි, උඩුවිල්, නල්ලූර්, මරදන්කේනී සහ කෝපායි යන ප්‍රදේශයන්හීද පුද්ගලයින් 2000 කට අධික පිරිසක් සහ මන්නාරම දිස්ත්‍රීක්යේ පුද්ගලියින් දහසකට අධික පිරිසක් පීඩාවන්ට පත්ව ඇති බවට ආපදාකලමනාකරන නිලධාරී කාර් යාලයන් විසින් පෙන්වා දෙයි.

කෙසේ වෙතත් කිලිනොච්චිය ඉරණමඩු ජලාශයේ වාන් ජලය හේතුවෙන් පහත් බිම් යටවීමේ අවධානමක් පවතින බැවින් මේ වන විටත් කණ්ඩාවලෙයි ප්‍රාදේශීය ලේකම් කාර් යාලය, යුද හමුදාව සහ ආපදාකලමනාකරන නිලධාරීන් යොදවා ජනතාව ආරක්ෂිත ස්ථාන කරා රැගෙන යාම සහ ඔවුන්ට ආහාරපාන ඇතුලු අනෙකුත් පහසුකම් සැපයීමට පියවර ගෙන ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

2,467 views

One Comment to “උතුරේ ගංවතුර.. පුද්ගලයින් 17,000ක් පීඩාවේ…”

  1. Love nature says:

    බුදුපිළිම කැඩීමේ සාපය …ස්වභාව ධර්මයෙන් ඔවුන්ට දඩුවම් ලැබිලා

Main News