උතුරේ දෙමල පක්‍ෂ විරෝධතා පාගමන දකුණෙ මාධ්‍යවල පෙන්නුවා මදි..- ඇමරිකා තානාපතිනි කොළඹ මාධ්‍යවලට දොස් කියයි..

February 10, 2021 at 6:48 pm | lanka C news
උතුරේ දෙමල පක්‍ෂ විරෝධතා පාගමන දකුණෙ මාධ්‍යවල පෙන්නුවා මදි..- ඇමරිකා තානාපතිනි කොළඹ මාධ්‍යවලට දොස් කියයි..

අම්පාරේ සිට යාපනය දක්වා උතුරේ දෙමළ පක්ෂ විසින් පවත්වන ලද පාගමන සබන්ධයෙන් උතුරේ දෙමළ මාධ්‍ය විසින් ලබා දුන්නද කොළඹ පදනම් කරගත් මාධ්‍ය ඊට පුළුල් ආවරණයක් ලබා නොදුන්නේ ඇයි කොළඹ සිටින ඇමරිකානු තානාපති ඇලයිනා බී. ටෙමස්ප්ලෙට්ස් මහත්මිය සඳහන් කරයි.

තම ට්විටර් ගිණුම ඔස්සේ මේ බව සඳහන් කරමින් ඇය තබා ඇති සටහන මෙසේය.

“සාමකාමී උද්ඝෝෂණ යනු ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදයක වැදගත් අයිතියකි. පොතුවිල් සිට පේදුරුතුඩුව දක්වා වූ පාගමන පිළිබඳ දෙමළ මාධ්‍ය ආවරණයක් මා දුටුමි. නමුත් එයට කොළඹ පදනම් කරගත් මාධ්‍ය මගින් වඩාත් පුළුල් ලෙස ආවරණය නොවුණේ මන්දැයි මම පුදුම වුණෙමි”

39,587 views
Main News