උතුරේ පොහොට්ටු මෙහෙයුම් රෙජිනෝල්ඩ්ට පවරයි.. පත්වීම බැසිල් දෙයි..
September 20, 2019 at 8:02 am | lanka C news
උතුරු පළාත් හිටපු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පොදුජන පෙරමුණේ නීත්‍යානුකූල සාමාජිකත්වය එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා අතින් ලබාගනු ලැබීය.
ඔහු සමඟ කළුතර දිස්ත්‍රික්කයේ ආගමික නායකයින්, දේශපාලන නායකයින්,සමජ ක්‍රියාධරයින් ඇතුළු පිරිසක් එක් වී සිටියහ.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරවීම සඳහා උතුරු පළාතේ සියලු සංවිධාන කටයුතු වෙනුවෙන් හිටපු උතුරු පළාත් ආණ්ඩුකාරවර රෙජිනෝල්ඩ් කුරේ මහතා පත් කරනු ලැබීය.
– වජිර කොඩිතුවක්කු