උතුරේ මන්ත‍්‍රීන් පාර්ලිමේන්තු දිවුරුමට පෙර කොටි සොහොන්වල දිවුරයි..

August 17, 2020 at 6:27 am | lanka C news
උතුරේ මන්ත‍්‍රීන් පාර්ලිමේන්තු දිවුරුමට පෙර කොටි සොහොන්වල දිවුරයි..

උතුරු පලාතෙන් මෙවර 2020 පාර්ලිමේන්තු මහමැතිවරණයට තරඟකොට මන්ත්‍රී ආසන දෙකක් ජයග්‍රහනය කරන ලද දෙමළ ජාතික ජනතා පෙරමුනේ නියෝජිතයින් ජනතා සේවයන් ආරම්භ කිරීම මුලතිව් මුල්ලිවයික්කාල් ප්‍රදේශයෙන් ආරම්භ කරන ලදි.

මුල්ලිවයික්කාල් ප්‍රදේශය් ඉදිකොට ඇති යුද්දයෙන් මිය ගිය වැසියන් සඳහා ඉදිකොට ඇති ස්මාර්කය ඉදිරිපිටදී දෙමළ ජාතික ජනතා පෙරමුනේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලන් මහතා සහ එම පක්ෂයේ මෙවර මහමැතිවරණයට ඉදිරිපත් වූ සියලු අපේක්ෂකයින්ගේ සහභාගීත්වයෙන් සිය තනතුරුවලට අදාල සේවයන් ආරම්භ කිරීම සිදු කරන ලදි.

එහිදී යුද්දයෙන් විපතට පත් වූ ජනතාව ඇතුලු නැවත පදිංචි ජනතාවගේ ගැටලු වෙනුවෙන් ප්‍රමුඛස්ථානය දෙමින් ඉදිරියේදී තම පක්ෂය කටයුතු කරන අතරම දෙමළ ජනතාවගේ ගැටලු වෙනුවෙන් හඩක් නැගීමටද කටයුතු කරන බවට දෙමළ ජාතික ජනතා පෙරමුනේ නියෝජිතයින් විසින් මුල්ලි වයික්කාල්හි මිය ගිය වැසියන්ගේ ස්මාර්කය ඉදිරිපිටදී මිය ගිය වැසියන් වෙනුවෙන් පහන් දල්වා සෙත් ශාන්ති කරන ලදි.

– වන්නි රොමේෂ් මධුෂංඛ්‍

28,013 views

6 Comments to “උතුරේ මන්ත‍්‍රීන් පාර්ලිමේන්තු දිවුරුමට පෙර කොටි සොහොන්වල දිවුරයි..”

  1. ජාති වාදී නොවේ says:

    එන්න හොඳේ , ඇවිත් කොරල පෙනන්නකෝ

  2. MD says:

    මෙයාල ඵදත් අහිංසක දමිළ ජනතාව රවටලා පෙලපාලි යවලා නන්නත්තාර කරලා අදත් ඵ්කම කරලා සිංහලයාට වෛර කරන දමිළයෙක් නිර්මාණය කරගන්නවා.ඵ්ක තමයි එයාලගේ ඵකම අදායම් මාර්ගය.

  3. KP says:

    Hitapu Coti Naayakayoma Parlimentuwe Diuranna Yan Eke …Mewwa Gananganna Deyak Newi

  4. සමයං says:

    මෙහි පැමිණ රට නොබෙදන ඒකීය රාජ්‍යයකට පක්ෂව දිවුරල දකුණෙ අපිත් එක්ක සමගියෙන් වාසය කරමු.

  5. Sam Fernando says:

    These people are trying to deceive Tamil people.They have been practising this trick for decades. 😂😂😂

  6. Aurora says:

    හොඳයි, හැබැයි මුන් 6 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒකීය රටක් වෙනුවෙන් කැපවෙනවා කියා දිව්රනවා සහතිකයි, ඒක නොකලොත් මන්ත්‍රීකම නැතිවෙනවා, කාර් පර්මිට් එකත් නැතිවෙනවා. ඒක වෙනම රටක් වෙනුවෙන් මිනීමරපු ඒකෙන්ම මැරුණ ත්‍රස්තවාදීන්ට වඩා වටිනවා. කෝටි කීයක්ද? මුන් අසරණ දෙමළ මිනිස්සුන්ව රවටනවා, මැරුණ ත්‍රස්තවාදීන් පෙන්නලා. නමුත් පණපිටින් ඉන්න දුක් සාගරයක ගිලිලා ඉන්න දෙමළ මිනිස්සු තව තවත් දුකේම, දරිද්‍රතාවයේම ගිල්ලවනවා තමන්ට චන්ද හදාගන්න.