උතුරේ වැසියෝ රජයට හා දෙමල සන්දානයට එරෙහිව විරෝධතා..

May 23, 2018 at 8:02 am | lanka C news
උතුරේ වැසියෝ රජයට හා දෙමල සන්දානයට එරෙහිව විරෝධතා..

දිනෙන් දින ඉහල යන ජීවන වියදම දරාගත නොහැකි අවස්ථාවක බඩුමිලද ඉහල යාම උතුරේ නැවත පදිංචි ජනතාවට දරාගත නොහැකි බව පවසමින් වහාම බඩුමිල අඩු කරන ලෙසට රජයට විරෝධය පාමින් විරෝධතාවක් කිලිනොච්චියේදී සංවිධානය කොට තිබුණි.

රජය විසින් බඩු මිල ඉහල දමන අවස්ථාවක දෙමළ ජනතාව වෙනුවෙන් යැයි පෙනී සිටින ප්‍රධාන දේශපාලන පක්ෂයක් වූ දෙමළ ජාතික සන්ධානය නිහඩ පිළිවෙතක් අනුගමනය කිරීම හේතුවෙන් දෙමළ ජනතාවගේ ගැටලු දිනෙන් දින වැඩිවන බවට මෙම විරෝධතාවය මගින් පෙන්වා දුන්හ.

සමාජ සාධාරණත්වය සඳහා වූ සංගමය විසින් මෙම විරෝධතාවය සංවිධානය කොට තිබූ අතර කිලිනොච්චිය නගරමධ්‍යෙය් සිට ඩිපෝමන්සන්ධිය දක්වා මෙම විරෝධතාව පැවත්වුණි.

විරෝධතාවයේ නිරත වූවන් වැඩි දුරටත් කියා සිටියේ,

‘යුද්දයෙන් පසුව කිලිනොච්චිය දිස්ත්‍රීක්කයේ මෙන්ම උතුරු පලාත තුලම නැවත පදිංචි වූ ජනතාවට අඩු ආර්ථික පහසුකම් වලින් යුත් වාතාවරණයක් තුල රජය විසින් බඩුමිල ඉහල දැමීම මගින් නැවත පදිංචි ජනතාව දැඩි ලෙස අසරණව සිටින අතරම උතුරේ ගොවීහුද දැඩි ලෙස අසරණව සිටින අවස්ථාවක නිහඩ පිළිවෙතක් අනුගමනය කරන විපක්ෂය වූ දෙමළ ජාතික සන්ධානයේ ක්‍රියා පිළිවෙත කිසිසේතම අනුමත් කළ නොහැකි හෙයින් දෙමළ ජාතික සන්ධානය විසින් වහාම රජයට බලපෑම් කොට අත්‍යවශ්‍ය ආහාර මිල ගණණ් අඩුකොට ජනතාවට සහන සැලසීමට පියවර ගත යුතු බවටත්ය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

59 views
Main News