උතුරේ සියලු රාජ්‍ය ආයතනවල කාන්තාවන් 50% තෙක් ඉහලට.. අලුත් ආණ්ඩුකාරයා තෛපොන්ගල් සර්ව ආගමික කරයි..
January 16, 2019 at 2:02 am | lanka C news
හින්දු දින දර්ශනයට අනුව නව අව්රුද්දක් ආරම්භය සනිටුහන් කරමින් තෛපොන්ගල් දිනය උදාවිය.
යාපනය ආණ්ඩුකාර කාර්යාලයේ දී උතුරු පළාත් ආණ්ඩුකාරවර සුරේන් රගවන් මහතාගේ ප්‍රධානත්වයෙන් තෛපොංගල් උත්සවයට පවත්වනු ලැබු අතර,තෛපොන්ගල් දිනය වෙනුවෙන් යාපනය හින්දු විද්‍යාලයේ පැවති සංස්කෘතික පෙලපාලිය ආරම්භ කිරීමේ විධානය දීමටද ආණ්ඩුකාරතුමා සහභාගි විය.
එම අවස්ථාව සඳහා සර්ව ආගමික නායකයින් පැමිණ සිටි අතර සියලුම ආගමික නායකයින් ආණ්ඩුකාරතුමාටත් සියලු දෙනාටත් ආශිර්වාධ එකතු කළේය.
මෙය දමිල ජනතාව සමරනු ලබන උත්කර්ශවත් උත්සව අතුරෙන් එකකි.සූර්ය දෙවියන් වන්දනා කිරීම මුල්කර ගනිමින් පැවැත්වෙන තෛපොංගල් උත්සවය මිනිසා සහ සොබාදහම අතර වන සංවේදී මෙන්ම කෘතවේදීත්වයෙන් වර්ණවත් වන ආගමික උත්සවයක් ලෙසත්,ගතවූ වසරේ සිය කෘෂිකාර්මික කටයුතු වලට සුර්යාගෙන් ලැබුණු උපකාරයට කෘතගුණ සැලකීමක් ලෙසත්,දෙවියන්ට වන්දනාමාන කිරීම තෛපොන්ගල් උත්සවයේ ප්‍රධාන අරමුනයි.
මෙහිදී අදහස් දක්වමින් උතුරු පළාත් ආණ්ඩුකාතුමා ප්‍රකාශ කලේ සියලුම දෙනාට බත බුලතින් සරු වූ සුභම සුභ තෛපොංගල් උත්සවයක් වේවා කියා සහ වසර 2020/21 වන විට උතුරු පළාතේ සියලුම රාජ්‍ය ආයතන සඳහා කාන්තා නියෝජනය 50% දක්වා වැඩි කිරීමට බලාපොරොතු වන බවයි.
මෙම අවස්ථාව සඳහා ආණ්ඩුකාර ලේකම්තුමා ඇතුළු රාජ්‍යය නිලධාරීන්,ආණ්ඩුකාර කාර්යාලයේ සියලුම සේවකයින් ඇතුළු විශාල පිරිසක් එක්වී සිටියහ.
– ආණ්ඩුකාර මාධ්‍ය ඒකකය
is this the culture of Sri Lanka ?