උතුරේ සුළි කුණාටුවක්.. නිවාස රැසක වහලවල් ගැලවී යයි.. ගස් කඩා වැටේ.. විශාල පිරිසක් පීඩාවේ..

October 12, 2021 at 5:30 pm | lanka C news
උතුරේ සුළි කුණාටුවක්.. නිවාස රැසක වහලවල් ගැලවී යයි.. ගස් කඩා වැටේ.. විශාල පිරිසක් පීඩාවේ..

කිලිනොච්චිය කරච්චි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට ඊයේ (11) දින බලපෑ සුලිකුණාටු තත්වයක් හේතුවෙන් නිවාස හා දේපල රැසකට හානි සිදුව පුද්ගලයින් 50 කට ආසන්න පිරිසක් පීඩාවන්ට පත්ව සිටින බවට දිස්ත්‍රීක් ආපදා කලමනාකරන ඒකකය පවසයි.

වන්නේරි සෝලෙයි සහ අනෙයිවිලුන්දාන් ගම්මානයන් දෙකට මෙලෙස පළමුව වර්ෂාවක් ඇදහැලීමෙන් අනතුරුව අධික සුලිකුණාටු තත්වයක් බලපෑ අතර එහිදී නිවෙස්වල වහල ගැලීවී යාම් සහ තහඩු ගැලවී යාම මෙන්ම ගස් කඩා වැටීම් වාර්ථා වී ඇති බවටද වාර්ථා වෙයි.

සුලි කුණුටු තත්වයන් හෙතුවෙන් වන්නේරි සෝලෙයි ගම්මානයේ නිවාස 4 කට සහ ආනෙයිවිලුන්දාන් ගම්මානයේ නිවාස 7 කට හානි සිදුව ඇති අතර එම නිවෙස්හි පදිංචි ැසියන් 50 කට ආසන්න පිරිසක් පීඩාවන්ට පත්ව සිටිති.

එලෙස සුලිකුණාටුවට නිවෙසක තහඩු ගැලවී ගොස් කාන්තාවකගේ හිස මතට වැටීම හේතුවෙන් එම කාන්තාව තුවාල ලබා රෝහලගත කරනු ලැබුවාය.

සුලිකුණාටු හෙතුවෙන් හානි වූ නිවෙස් හිමියන් මේ වන විට ඥාති නිවෙස්වල පදංචි වී ඇති අතරම හානි වූ නිවෙස්වල වාර්ථාවන් ලබා එම පවුවෙනුවෙන් වන්දි ලබාදීමට හා පහසුකම් ලබාදීමට ආරක්ෂක අංශ හා ආපදාකලමනාකරන නිලධාරීන් පියවර ගෙන ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

9,043 views

One Comment to “උතුරේ සුළි කුණාටුවක්.. නිවාස රැසක වහලවල් ගැලවී යයි.. ගස් කඩා වැටේ.. විශාල පිරිසක් පීඩාවේ..”

  1. Susantha says:

    Dushta paalakayan aawama sobaadahamath kalembenawaa

Main News