උතුරේ ආරක්ෂාව ගැන ඉහල පොලිස් නිලධාරීන් සමග ආණ්ඩුකාරවරයා විශේෂ සාකච්ඡාවක්..

September 25, 2017 at 2:32 am | lanka C news
උතුරේ ආරක්ෂාව ගැන ඉහල පොලිස් නිලධාරීන් සමග ආණ්ඩුකාරවරයා විශේෂ සාකච්ඡාවක්..

උතුරු පළාතේ ආරක්ෂාව සම්බන්ධයෙන් උතුරේ පොලිස් ප්‍රධානීන් සහ පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා අතර  විශේෂ සාකච්ඡාවක් උතුරු ආණ්ඩුකාර කාර්යාලයේදී පවත්විණි.

උතුර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනය, වව්නියාව, මුලතිව්, කිලිනොච්චි යන දිස්ත්‍රීක්ක භාර නියෝජ්‍ය පොලිස්පතිවරු ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාව සඳහා සහභාගී විය.

පැය දෙකකට ආසන්න කාලයක් පැවති එම සාකච්ඡාවේදී උතුරේ ආරක්ෂාව, පොලිස් රාජකාරී, රථවාහන හා මාර්ග නීති මෙන්ම ප්‍රජා පොලිස් ඒකක හරහා ජනතාවට ලැබෙන සේවාවන් පිළිබඳව දිර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ලැබීය.

එමෙන්ම  උතුරේ තාවකාලිකව ස්ථාපිත කර ඇති පොලිස් ස්ථාන රජයට අයත් ඉඩම්වල ඉදි කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කරනු ලැබීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

18 views