උතුරේ ආරක්‍ෂාව තර කරයි.. බුද්ධි අංශද සීරුවෙන්..

April 25, 2019 at 8:02 am | lanka C news
උතුරේ ආරක්‍ෂාව තර කරයි.. බුද්ධි අංශද සීරුවෙන්..

පසුගිය 21 වනදායින් පසුව මේ වන තුරු උතුරු ප්‍රදේශයෙන් කිසිදු සැලකිය යුතු සිදු වීමක් වාර්ථා වී නොමැති අතර මේ වන විට උතුරේ පොලිස් බුද්ධි අංශ කටයුතු දැඩි කොට ඇති බවට උතුරු පලාත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රෝෂාන් ප්‍රනාන්දු මහතා කියා සිටියේය.

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයා මේ බව කියා සිටියේ උතුරේ ආරක්ෂක තත්වය විමසීමේදී අදහස් දක්වමිනි.

එමෙන්ම යාපනය දිස්ත්‍රීක්කයේ පමණක් දිස්ත්‍රීක්කයම ආවරණය වන පරිදි මුරකපොලු 6 ක් දමා ඇති අතර එහි යුද හමුදාව, පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් හදීසි පරික්ෂා කිරීම් ආදි ආරක්ෂිත කටයුතු සිදු කිරීමට පයවර ගෙන ඇති බවට ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයා කියා සිටියේය.

එමෙන්ම මේ දක්වා ත්‍රස්ත කටයුතු වලට සම්බන්ධ හෝ එම ක්‍රියාවන් වෙනුවෙන් උදව් කල අයෙකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවටත් හදීසි වැටලීම් වලදී පුද්ගලයින් කිහිප දෙනෙකුගෙන් ප්‍රශ්න කිරීම් සිදු කොට නැවත මුදා හැර ඇති බවටද උතුරු පලාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයා වැඩි දුරටත් කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

161 views
Main News