උතුරේ ඉඩම් ගැටලුව විසඳන බවට නව ආණ්ඩුකාර පවසයි..

January 25, 2020 at 2:07 am | lanka C news
උතුරේ ඉඩම් ගැටලුව විසඳන බවට නව ආණ්ඩුකාර පවසයි..

උතුරු පළාතේ ජනතාවගේ මූලික ගැටළුවක්ව පවතින ඉඩම් ගැටළුව විසදීමට කඩිනමින් කටයුතු කරන බව උතුරු පළාත් නව ආණ්ඩුකාර පි.එස්.එම්. චාර්ල්ස් මහත්මිය පැවසුවාය.

ආන්ඩුකාරතුමය මේ බව පවසා සිටියේ වවුනියාව දිස්ත්‍රික්කයේ ශ්‍රීලංකා පොදුජන පෙරමුනේ වන්නි දිස්ත්‍රීක් කැඳවුම්කරු වව්නියාව දකුණ ප්‍රාදේශීය සභාවේ උපසභාපති වසන්ත රාජකරුණා මහතාගේ සංවිධානත්වයෙන් නව ආණ්ඩුකාර තුමිය පිළිගැනීමේ උත්සවයකට සහභාගී වූ අවස්ථාවේදීය.

එහිදී අදහස් දැක්වූ ආණ්ඩුකාරවරිය පැවසා සිටියේ,

‘ආරක්ෂක අංශ සතු සිවිල් ජනතාවගේ  ඉඩම් සම්බන්ධ ගැටළුව ,ඉඩම් හිමිකම්පත් නොමැති ඉඩම් ගැටළුව ආදි ලෙසට ඉදිරිපත්ව තිබෙන උතුරු පළාතේ ඉඩම් ගැටළු කඩිනමින් විසදීමට කටයුතු කරන බවටත් ඉඩම් ගැටළුවට අමතරව උතුරු පළාතේ ප්‍රධාන ගැටළු වන අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ පවතින ගැටළු හා සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ පවතින ගැටළු වෙනුවෙන්ද කඩිනම් විසදුම් ලබාදීමට පියවර ගන්නා බවටය.

එමෙන්ම ආණ්ඩුකාර තුමිය වැඩිදුරටත් එහිදි පැවසූවේ උතුරු පළාතේ පාසල් තුළ  මේ වන විට පවතින ගුරු හිඟය විසදීම වෙනුවෙන්ද විසඳුම් ලබා දීමට අවශ්‍ය සාකච්ජාවන් දැනටමත් සිදුකොට තිබෙන බවටත් ඒ හරහා උතුරු පළාතේ පාසල් තුළ පවතින ගුරු හිඟය සම්බන්ධ ගැටළුව ඉතා කෙටි කාලයක් තුළ විසඳීමට හැකි වනු ඇති බවටය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

5,856 Viewers
Main News