උතුරේ උපාධිලාබී රැකියා විරහිත වූවන් 292 දෙනෙකුට රජයේ රැකියා…

January 28, 2019 at 2:09 am | lanka C news
උතුරේ උපාධිලාබී රැකියා විරහිත වූවන් 292 දෙනෙකුට රජයේ රැකියා…

උතුරුපලාත් පාසැල් සහ රාජ්‍ය ආයතනයන්හි ඇති වී තිබූ පුරප්පාඩු සදහා නව රජයේ රැකියා 292 දෙනෙකු වෙනුවෙන් ලබාදීම (27) උතුරු පලාත් ආන්ඩුකාරවර ආචාර්ය සුරේන් රාගවන් මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනයේදී පැවත්වුණි.

යාපනය වෙමිබඩි මහාවිද්‍යලායේදී උපාධිධාරීන් 292 දෙනෙකු වෙනුවෙන් නව පත්වීම් ලබා දුන් අතර එහිදී උපාධිධාරී ගුරැවරැන් 249 දෙනෙකු සදහාදරජයේ ආයතන වෙනුවෙන් කාර්මික නිලධාරින් 33 දෙනෙකු හා අධීක්ෂණ නිලධාරින් 10 දෙනෙකුද මෙහිදී ආණ්ඩුකාර තුමන් අතින් පත්වීමි ලැබීය.

එහිදී උපාධිධාරීන් වෙනුවෙන් නව පත්වීම් ලබා දීමේ අවස්ථාවට සහභාගී වූ උතුරු ආන්ඩුකාරතුමන් කියා සිටියේ,

‘තමන් මෙලෙසින් ලබාගත් පත්වීම තුල සියලු දෙනාට ජාතිය, ආගම, කුලභේද නොසලකා එක්සිත්ව හා එක්සත්ව සේවය කලයුතු බවත් විශේෂයෙන් දරැවන්ට ෂිල්ප සතර ඉගැන්වීමේදී ගුරැවරයා ලමයා තුලින්ධාර්ෂනිකයෙකු දැකිය යුතු බවද ඒ තුලින් සමජයට වැඩදායි පුත්ගලයින් බිහිවන බවත් සියඑ දෙනාගේ අධිෂ්ඨානය වියයුත්තේ උගත් බුද්ධිමතුන් බිහිකර සමාජයට රටට සේවය සැලසීමටය . යනුවෙනි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

960 Viewers
Main News