උතුරේ ගංවතුරෙන් විපතට පත් වැසියන් 123,000 පනී…

December 30, 2018 at 5:30 pm | lanka C news
උතුරේ ගංවතුරෙන් විපතට පත් වැසියන් 123,000 පනී…

අයහපත් කාලගුණය හේතුවෙන් උතුරු ප්‍රදේශයට බලපෑ ගංවතුර තත්වය නිසා පවුල් 39,895 කට අයත් පුද්ගලයින් 123,862 දෙනෙකු විපතට පත්ව ඇති අතර පූර්ණ නිවාසද 474 ක් විනාශ වී ඇති අතර අර්ධ වශයෙන් නිවාස 4522කට හානි අද (30) වන විට සිදුව ඇති බවට ජාතික ආපාදාකලමනාකරන ඒකකයේ වාර්ථා අනුව පෙන්වා දෙයි.

මේ අනුව විපතට පත් වැසියන්ගෙන් පවුල් 1146 කට අයත් පුද්ගලයින් 3708 දෙනෙකු ආරක්ෂිත කඳවුරු 11 ක රඳවා සිටින බවටද යාපනය මරදන්කේනි ප්‍රදේශයේ සහ කිලිනොච්චිය කණ්ඩාවලෙයි ප්‍රදේශයන්හි මරණ දෙකක් වාර්ථා වී ඇති බවට ආපදා කලමනාකරන ඒකකය විසින් පෙන්වා දෙයි.

මේ අනුව වැඩිම පිරිසක් විපතට පත්ව ඇත්තේ කිලිනොච්චිය දිස්ත්‍රීක්කය වන අතර එහි කරච්චි, කණ්ඩාවලෙයි සහ පච්චිලෙයිපල්ලි යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි පවුල් 25,281 කට අයත් පුද්ගලයින් 78,528 දෙනෙකු විපතට පත්ව ඇති අතර එහිදී නිවාස පූර්ණ 388ක් සහ අර්ධ නිවාස 2225  කට හානි සිදුව ඇත.

උතුරු පලාතෙන් දෙවනුව වැඩිම පිරිසක් විපතට පත්ව ඇත්තේ මුලතිව් දිස්ත්‍රීක්කයේ වන අතර එහිදී ඔඩ්ඩුසුඩාන්, පුදුකුඩිඉරිප්පු,  තුනුක්කායි, මැරටියන්පත්තු, මාන්තෙයි නැගෙනහිර හා වැලිඔය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි පවුල් 10,388 කට අයත් පුද්ගලයින් 32,252 දෙනෙකු විපතට පත්ව ඇති අතර පූරණ නිවාස හානි 86ක් හා අර්ධ නිවාස හානි 2297 ක් වාර්ථා වී ඇත.

අනතරුව මන්නාරම් නගරයේ සහ නානාට්ටාන් ප්‍රදේශයන්හි පවුල් 39 කට අයත් පුද්ගලයින් 141 දෙනෙකුද වව්නියාව දිස්ත්‍රීක්කයේ පවුල් 155 කට අයත් පුද්ගලයින් 521 දෙනෙකුද යාපනය දිස්ත්‍රීක්කයේ මරදන්කේනි ප්‍රදේශයේ 4257 කට අයත් පුද්ගලයින් 12,642 දෙනෙකුද විපතට පත්ව ඇති බවට ආපදාකලමනාකරන ඒකකය විසින් පෙනවා දෙයි.

මේ අනුව උතුරේ විපතට පත් ජනතාව වෙනුවෙන් ආරක්ෂක අංශ හා රාජ්‍ය අංශ එක්ව විවිධ වූ වියලි ආහාර ඇතුලු අනෙකුත් පහසුකම් ලබා දීමට පයවර ගෙන ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

19 views

3 Comments to “උතුරේ ගංවතුරෙන් විපතට පත් වැසියන් 123,000 පනී…”

  1. LION says:

    යුද සමයේදී යුද බටයෙක් වෙඩිකා වතුර ඉල්ලද්දී තමන්ගේ ලිදෙන් වතුර ටිකක් දුන් නැති හැතිකරේ තවමත් අපිට මතකයි

    • CORBRA says:

      කිලිනොච්චියේ වැඩියෙන්ම දැන් පදිංචි වී සිටින්නේ විසා නැතුව ඉන්දියාවෙන් ආපු දෙමල කල්ලතෝනි

    • උකුස්සා says:

      සිංහල ගම්මාන විනාශකරමින් මෙලෙච්චේද ත්‍රස්තවාදියා පිරපාකරන් කිලිනොච්චියේ පදිංචි කරපු දෙමල කල්ලතෝනි දැන්වත් පලයව් ආපු රටට ..අපේ රටට කරපු විනාශයට මේ දඩුවම ස්වභාව දර්මයෙන් ලැබිලා

Main News