උතුරේ ගංවතුරෙන් 73,000 ඉක්මවා විපතේ.. ගැලවුම් කරුවන් වූ හමුදාවට වැසියන්ගෙන් පැසසුම්..

December 25, 2018 at 5:30 pm | lanka C news
උතුරේ ගංවතුරෙන් 73,000 ඉක්මවා විපතේ.. ගැලවුම් කරුවන් වූ හමුදාවට වැසියන්ගෙන් පැසසුම්..

පසුගිය දින කිහිපය පුරාවට උතුරු ප්‍රදේශයට බලපෑ අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ඇති වූ ගංවතුර නිසා පවුල් 23,054 කට අයත් පුද්ගලයින් 73,851 දෙනෙකු විපතට පත්ව යාපනය මරදන්කේනි ප්‍රදේශයේදී එක් අයෙකු මිය ගොස් ඇති බවට ජාතික ආපදාකලමනාකරන මධ්‍යස්ථානය විසින් පෙන්වා දෙයි.

මේ අතර ගංවතුර හේතුවෙන් උතුරු පලාතේ වැඩිම ආපදාවක් වාර්ථා වූ කිලිනොච්චිය හා මුලතිව් දිස්ත්‍රීක්කයන්හි විපතට පත් වැසියන් බේරාගැනීම සඳහා දායක වූ යුද හමුදාවට හා නාවික හමුදාවට උතුරේ වැසියන්ගේ මහත් ප්‍රසාදයක් ඇතිව තිබේ.

මෙහිදී වැඩිම ආපදාවක් වාර්ථා වූ කිලිනොච්චිය දිස්ත්‍රීක්කයේ විපතට පත් 39,932 ක් වූ වැසියන් බේරා ගැනීම සඳහා යුද හමුදාව ප්‍රමුඛස්ථානයක් ගෙන කටයුතු කිරීම සාමාන්‍ය වැසියන් අතර විශේෂ වී ඇති අතර එහිදී කිලිනොච්චිය ආරක්ෂකා සේනා ආඥාපති මේජර් ජෙනරල් රැල්ෆ් නුගේරා මහතා සහ 57 වන සේනංකාධිපති මේජර් ජෙනරල් විජිත රවිප්‍රිය මහතාගේ නායකත්වයන් පරිද් යුද හමුදා සෙබලුන් දිවා රාත්‍රි සේවයේ නිරත වෙමින් විපතට පත් වැසියන් බේරා ගැනීමේ සිට ඉඳුම් හිටුම් , ආහාරපාන, වෛද්‍ය පහසුකම් ඇතුලු සියලු දේ සිදු කරනු ලැබීය.

එමෙන්ම මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් දුෂ්‍යන්ත රාජගුරු මහතාගේ අධීක්ෂණයන් පරිදිද මුලතිව්හි විපතට පත් 20,737 වැසියන් වෙනුවෙන් දිවාරාත්‍රි මෙහෙයුම් කටයුතු වෙනුවෙන් යුද හමුදා සෙබලුන් යොදවා සිටියහ.

එමෙන්ම උතුරේ ගංවතුර තත්වය පහව යන තුරු විපතට පත් වැසියන් වෙනුවෙන් සහන සැලසීමට මුලතිව් හා කිලිනොච්චිය දිස්ත්‍රීක්කයන්හි පමණක් යුද හමුදාව සහ නාවික හමුදාව දහසකට අධික ප්‍රමාණයක් යෙදවීමටද ආරක්ෂක සේනා මූලස්ථාන විසින් පෙන්වා දෙයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

221 views

6 Comments to “උතුරේ ගංවතුරෙන් 73,000 ඉක්මවා විපතේ.. ගැලවුම් කරුවන් වූ හමුදාවට වැසියන්ගෙන් පැසසුම්..”

  1. Spirit says:

    තව ටික කාලකින් ජිනීවා යයි හමුදාව දෙමල ජාතිකයන්ව ගංවතුරේ ගිල්වා මැරුවා කියා බොරු චෝදනා කරමින් ///පරිස්සමින්
    මිනීමරු මෙලෙච්චේද LTTE ත්රස්තවාදින්ගෙන් දෙමල ජාතිකයන් බේරාගත් අපේ විරෝධාර රණවිරුවන්ව බොරු චෝදනා කර අපරාධකාරයන් කළා වගේ
    මේ දෙමල ජාතිකයන් කිසිම විටක විශ්වාස නොකළ යුතුයි අත් දැකීමෙන් ලියන්නේ .

  2. LION says:

    උතුරේ ජාතිවාදී දේශපාලකයන්ගේ සහ සම්බන්දන්ගේ දෙමල ජාතිවාදයේ සාපය …
    අපේ සිංහල මව් බිමේ උරුමය බලෙන් කොල්ලා කෑමට දරන වෑයමට ස්වභාව ධර්මයෙන් දඩුවම් ලබා දීලා ..

  3. LION says:

    රටබෙදන්න කතාකරන දෙමළ ඩයස්පෝරාව දැන් මේ අය ගැන දුක්වෙනවද? දැන් හොදම වෙලාව දෙමළ අයට මුන් ගැන දැනගන්න

  4. රොන් says:

    ගං වතුරෙන් බේරාගන්නකන් හමුදාවට පැසසුම්. ගං වතුර බැහැල ගියාහම හමුදාවට ගෙරවුම් ?

  5. Dayani says:

    Our tri-forces are doing everything for these unfortunate Tamil people.!!!! But our forces must be very careful, as some racist Tamil politicians can brainwash these Tamil people and bring various accusations, as they have already done and doing upto now.!!!
    I hope that these unfortunate Tamils will realize that it’s not their Tamil politicians, but it’s the Sinhalese tri-forces who are acting under the government and doing these humanitarian work to save them.!!!!!

Main News