උතුරේ ගංවතුර වන සිව්පාවුන්ටත් බලපායි…

December 25, 2018 at 2:03 am | lanka C news
උතුරේ ගංවතුර වන සිව්පාවුන්ටත් බලපායි…

උතුරු ප්‍රදේශයට බලපා ඇති ගංවතුර තත්වය සාමාන්‍ය ජනතාවට මෙන්ම වන සිව්පාවුන්ටත් දැඩි ලෙස බලපා ඇති අතර ජලගැලීම් නිසා බොහෝ සතුන් ප්‍රමාණයක් මිය යන්නට ඇති බවට උතුරේ වනජීවි නිලධාරීන් කියා සිටියහ.

මේ අතර කිලිනොච්චිය ඉරණමඩු ජලාශය වාන් දැමීමත් මාන්කුලම් ඕලුමඩු වැව කැඩී යාමත් නිසාවෙන් හදීසියේම ඇති වූ ජල ගැලීම් වලින් මාන්කුලම් ප්‍රදේශයේ ගවයින් ,එළුවන් හා කුකුලන් වැනි සතුන් විශලා ප්‍රමාණයක් ජලයට මැදි වී මිය ගොස් ඇති බවට ප්‍රදේශවාසීන් පැවසූහ.

එමෙන්ම පවතින ගංවතුර තත්වය හේතුවෙන් කිලිනොච්චිය හා මුලතිව්හි පිහිටි ගව සහ එළුවන්ගේ වාසස්තාන විනාශ වී ඇති හෙයින් එම සතුන්ට උන්හිටි තැන් අහිමිවී ඇති අතරම බොහෝ ගවයින් හා එළුවන් ප්‍රමාණයක් ජලයට ගසාගෙන ගොස් අතුරුදහන් වී ඇති බවට එම සතුන්ගේ අයිතිකරුවන් කියා සිටිති.

එමෙන්ම පවතින ගංවතුර තත්වය හේතුවෙන් ගවයින් සහ එළුවන්ගේ වාසස්තාන නොමැති වීමෙන් එම සතුන්ට වසන්ගත රෝගයන්ද වැලඳිමේ අවධානමක් පවතින බවටද උතුරේ වැසියන්කියා සිටිති.

– වන්නි රොමේෂ් මධුෂංඛ

194 views

One Comment to “උතුරේ ගංවතුර වන සිව්පාවුන්ටත් බලපායි…”

  1. අංකූරා says:

    ඒ කියන්නේ හැටදෙලක්ෂයෙන් සෑහෙන ගනනක් අඩු වෙනවා කියලා ද ?.

Main News