උතුරේ ජනතාවට චීන රජයෙන් අඛණ්ඩ සහන දෙනවා…- චීන තානාපති යාපනයේදී කියයි

December 18, 2021 at 8:02 am | lanka C news
උතුරේ ජනතාවට චීන රජයෙන් අඛණ්ඩ සහන දෙනවා…- චීන තානාපති යාපනයේදී කියයි

උතුරේ ජනතාවට චීන රජය විසින් අඛණ්ඩව සහන ලබා දෙන බවට ශ්‍රීලංකාවේ චීන තානාපති සී සෙන් හොන් මහතා යාපනයේදී පවසා සිටියේය.

ඒ මහතා ඒ බව කියා සිටියේ දෙදින නිල සංචාරයක් සඳහා 16 දින ශ්‍රීලංකවේ චීන තානාපති ඇතුලු දූත පිරිසක් උතුරු පලාතේ මන්නාරම සහ යාපනය දිස්ත්‍රීක්කයන්හි සංචාරයක නිරත වූ අවස්ථාවේදී මාධ්‍යට අදහස් දක්වමිනි.

චීන තානාපතිවරයා ළමුව මන්නාරම දිස්ත්‍රීක් ධීවර සමූපාකර සංගම් කාර්යාලයට ගොස් මන්නාරමේ ධීවර පවුල් වෙනුවෙන් රුපියල් මිලියන 20 කට ආසන්න වටිනා ධීවර ආම්පන් ලබාදුන් අතර පසුව චීන තානාපති යාපනයට ගොස් පළමුව යාපනය නල්ලූර් හින්දු කෝවිලේ දේව මෙහෙයකට සහභාගී වීමෙන් අනතුරව යාපනය දිස්ත්‍රීක් ධීවර සංගම් කාර්යාලයේදීද යාපනයේ ධීවර ජනතාවටද රුපියල් මිලියන 20 ක ආසන්න ධීවර ආම්පන් ලබා දීම සිදුවිය .

පසුව චීන තානාපති විසින් අරියාලයේ ප්‍රදේශයේ පිහිටි මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානයක්ද නිරීක්ෂණය කල අතර එහි මුහුදු කූඩැල්ලන් බෝකරන අකාරය පිළිබඳවද නිරීක්ෂණයක කරන ලදි.

එහිදී චීන තානාපතිවරයා මාධ්‍යට අදහස් දක්වමින් පවසා සිටියේ.

‘ශ්‍රී ලංකාව සහ චීන අතර ඇත්තේ දිගුකාලීන සබඳතාවක් එහි අක් පියවරක් තමයි මෙ ධීවර ජනතාවට ධීවර ආම්පන්න ලබා දීම සිදුවුනේ මෙමගින් ජනතාවගේ දියුණුවට හේතුවක් වනු ඇතැයි සිතමි. පසුගිය කාලයේ ලෝකය පුරා කොවීඩ් වෛරසය පැතුරුනු අවස්ථාවේදී ශ්‍රීලංකා රජයේ එන්නත්කරනය හා ප්‍රතිචාර පිළිබඳව චීන රජය අවධානයකට ලක් කරා විශේෂයෙන්ම උතුරු නැගෙනහිර ජනතාවට එන්නත් ලබා දීම පිළිබඳව චීන රජයත් විශේෂ අවධානයක් වගේම මෙහෙවරක් සිදුකලා.

චීන රජයෙන් පහසුකම් ලබාදීමේ මූලික අදියරක් වශයෙන් උතුරෙන් ආරම්භ කලා ඉදිරියේදී තවත් සහන රැසක් ලබා දීමට චීන රජය පියවර ගන්නා බවටද ශ්‍රීලංකාවේ චීන තානාපති සී සෙන් හොන් මහතා වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවන්ට ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාද එක්විය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

10,362 views

11 Comments to “උතුරේ ජනතාවට චීන රජයෙන් අඛණ්ඩ සහන දෙනවා…- චීන තානාපති යාපනයේදී කියයි”

  1. සවි අරික්කාල says:

    චීන තානාපති උතුරේ වෙනම පාලනය කරන්න අරගෙන ද?
    මතකනේ ඉන්දියාවත් මෙහෙම කරලා 30 අවුරුද්දක් යුද්දෙ කලේ ඉන්දියාවේ සහයෝගය ඇතිව.
    රජය නිදිද? මෙහෙම ගිහින් ඵක්කෝ චීන්නු කනවා හොද කෑමක් උතුරෙන්. නැතිනම් උතුරෙන් කොටස් චීන්නු ගන්නවා.

    • Think Tank says:

      ජෙප්පන් හැමදාම ෆෝම් වෙලා සිහින ලෝකවල
      ස්වයංවින්දන ගන්නවා.
      අනුරව ෆෝම් කරන්නේ බැසිල්මයි කියලා තව ටික දවසකින් දැනගත්තම තමා 3 % වහල්ලුන්ට මුකපූට්ටු වෙන්නේ.

  2. LalithM says:

    ඒ කියන්නේ අනාගතයේ උතුරේ චීනය අනුග්‍රහය ලබන ප්‍රජාවක් නැවත ජාතික ආරක්ෂාවට තර්ජනය කිරීම. ඉස්සර ඉන්දියාව කලා වගේ. අනේ අපේ නිවට
    පාලකයෝ…..

  3. Sagara says:

    එන පොට හොඳ නෑ. ලොකු අවුලක් ඇති කරන්න චීනා හදන්නෙ.

  4. harsha says:

    ඉන්දියාව විතරක් නෙවෙයි අපිත් උඹලා ගැන හිතනවා කියලයි කියන්න ඇත්තේ.

  5. harsha says:

    බැරිවෙලාවත් චීනයේ ඉන්න තානාපති කෙනෙක් ටිබෙටයට ගිහින් ඔහොම කතාවක් කීවානම්…..

  6. Roshan says:

    Did the Chinese embassidor get permission from the Sri lankan government.
    There trying to create another issue.

  7. ටිංකිරියා says:

    ආන්ඩුව ඇමරිකාව පැත්තට යන බව පෙනෙන නිසා චීනා උතුරේ මිනිසුන් අල්ලාගෙන ගේමක් දෙන්න යන්නේ. දෙපිටකාට්ටු ආන්ඩුව මට්ටු වෙන්නේ මෙදා පාර තමා.

  8. කැපුවත් පොහොට්ටුවට says:

    ජයවේවා. චීනය සමග හොඳ සම්බන්දතාවක් අපේ ආන්ඩුවට තියෙනව.

  9. සාටක සුනඛයා says:

    චීන ඇතුළු ලෝකෙම හිතාගෙන ඉන්නේ උතුරේ තෙල් තියෙනවා කියලා …ඒක තමයි දෙමළුන් අල්ලන්නේ

  10. චන්ද දායක says:

    මම හිතාන හිටියෙ තිස් අවුරුදු යුද්ධයකින් පස්සෙ රටේ උඩ කෑල්ල නිදහස් කරගත්තා කියලා . වෙනම පාලනයක් නෑනෙ නේද ?

Main News