උතුරේ තද වැසි.. මාර්ග යටවෙයි.. ගමනා ගමනයටත් බාධා…

October 26, 2017 at 2:07 am | lanka C news
උතුරේ තද වැසි.. මාර්ග යටවෙයි.. ගමනා ගමනයටත් බාධා…

උතුරේ ස්ථාන කිහිපයකට ඊයේ සවස ඇදහැලුනු ධාරාණිපාත වර්ෂාවන් හේතුවෙන් මාර්ග කිහිපයක් ජලයෙන් යට වූ අතරම ගමනාගමනයටද බාධා එල්ල වුණි.

යාපනය දිස්ත්‍රීක්කයට හා වවුනියාව දිස්ත්‍රීක්කයට සවස ඇදහැලුනු ධාරාණිපාත වර්ෂාවන් හේතුවෙන් ප්‍රධාන මාර්ග හා අතුරු මාර්ග කිහිපයක් ජලයෙන් යට වූ අතර ගමනාගමනයටද බාධා එල්ල වුණි.

වව්නියාවට ඇදහැලුනු ධාරාණිපාත වර්ෂාවන් හේතුවෙන් වව්නියාව මන්නාරම ප්‍රධාන මාර්ගයද ජලයෙන් සම්පූරණයෙන්ම යට වූ අතර එහදී ගමනා ගමන කටයුතු වලටද දැඩි බාධාවක් සිදු වූ අතරම වව්නියාව කුරුමන්කාඩු ප්‍රදේශයේ අතුරු මාර්ග කිහිපයක්ද ජලයේ යටවීම නිසා ගමනාගමනයට බාධා එල්ල වුණි.

මේ අතර යාපනය දිස්ත්‍රීක්කයටද ඊයේ සවස ධාරාණිපාත වර්ෂාවන් ඇදහැලුනු අතර අතුරු මාර්ග කිහිපයක් ජලයෙන් යට වීම නිසා ගමනා ගමන කටයුතු වලට බාධා සිදු වූ බවට වාර්ථ වෙයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

109 views
Main News