උතුරේ තරුණ පිරිස කෘෂිකර්මයට යොමු වුනොත් ඉඩම් දෙනවා.. ආධාර දෙනවා..

November 12, 2021 at 2:17 am | lanka C news
උතුරේ තරුණ පිරිස කෘෂිකර්මයට යොමු වුනොත් ඉඩම් දෙනවා.. ආධාර දෙනවා..

උතුරු පළාතේ ජනතාව ආර්ථික වශයෙන් සවිබල ගැන්වීම සඳහා කෘෂිකාර්මික කටයුතුවලට සහය වීමට තමන් සූදානම් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේය.

LTTE සංවිධානයට සම්බන්ධව සිට පුනරුත්ථාපනය වූ පිරිසක් කෘෂිකර්ම අමාත්‍යාංශයට පැමිණ අමාත්‍යවරයා හමුවු අවස්ථාවේ අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

කෘෂිකාර්මික වශයෙන් මිරිස් වගාවට යොමු වීමට කැමති උතුරු පළාතේ තරුණ තරුණියන්ට ඒ සඳහා අවශ්‍ය ඉඩම් හා ආධාර ලබා දීමට කටයුතු කළ හැකි බවද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

අමාත්‍යවරයා හමුවු මේ පිරිස තමන් මුහුණ දී සිටින ආර්ථික, සමාජයීය හා ජිවන ගැටළු සම්බන්ධයෙන් අමාත්‍යවරයා සමඟ දිර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා ක⁣ළහ. ඊට අදාළ සංදේශයක් ද අමාත්‍යවරයාට බාර දුන්නේය.

මෙහිදී අමාත්‍යවරයා අවධාරණය කළේ කෘෂිකාර්මික ප්‍රදේශයක් වන උතුරු පළාතේ තරුණ පිරිස ඊට යොමු වන්නේ නම් ඔවුන්ට අක්කර භාගයක් බැගින් ඉඩම් ලබා දී ඊට අවශ්‍ය රෝපණ ද්‍රව්‍ය, පොහොර, ජලය හා ආරක්ෂිත ගෘහයන් ද කෘෂිකර්ම අමාත්‍යාංශය මඟින් ලබා දීමට පියවර ගත හැකි බවය.

මීට අමතරව උතුරු පළාතේ ඇතිවන කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ තනතුරු පුරප්පාඩු පිරවීමේදී LTTE සංවිධානයේ පුනරුත්ථාපනය වූ පවුල්වල සාමාජිකයන්ට සුදුසුකම් අනුව ප්‍රමුඛතාව ලබා දීමට අවධානය යොමු කරන බව ද අමාත්‍යවරයා කීවේය.

ජයසූරිය උඩුකුඹුර
මාධ්‍ය ලේකම්

10,264 views

9 Comments to “උතුරේ තරුණ පිරිස කෘෂිකර්මයට යොමු වුනොත් ඉඩම් දෙනවා.. ආධාර දෙනවා..”

  1. අභීත සිංගල says:

    මට අක්කරයක් ගන්න පගාව කීයක් විතර දෙන්න වෙනවද?

  2. නඩේෂන් says:

    කවරදාවත් උතුරේ මිනිසුන් කෘෂිකර්මය සඳහා පොලඹවන්නට බැහැ. ගෝලීය දෙමළ සංවිධානය හෙවත් LTTE මිනීමරු රැල උතුරේ මිනිසුන් හට සොච්චම් මුදලක් නිතිපතා ගෙවමින් ඔවුන් තමන්ගේ පාලනයට අරගෙන තියෙන්නේ. මේ උතුරේ තරුණ ජනතාව ඉස්සරදීත් වගා කටයුතු සිදුකිරීමට උත්සාහ කරා. නමුත් මේ LTTE කොටි රැල සූක්ෂ්ම ලෙස එය වැලකුවා.

  3. බිබිලේ says:

    මේවා ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්ණ. ඇමැති වරයෙක් කොහොමද රටේ ඉඩම් මේ විදියට බෙදන්නේ? කරන්න දෙන්න එපා.

  4. ඇයි අපි කලුද (තද කලුද) says:

    ඇයි දකුණේ ඉඩම් ටික චීනෙට හා ඇමරිකාවට විතරද සිංහල දෙමළ මුස්ලිම් මිනිස්සුන්ටත් දෙන්ට බැරිද? අනේ වැරදුනා චීනුන්ට උතුරේ ෆාම් දාන්න දුන්නනේ ධීවරයන් ට කෙලවන්න.

  5. Sealoan says:

    කරනවනං හොද වැඩක්……ඒත් ඕකවත් කරගන්න පුලුවන් වෙයිද කියලා කිසිම විශ්වාසයක් නෑ.

  6. lolla says:

    කැත මූනා…. වාචාලයා

  7. chamil says:

    Karanawanam hoda wadak

  8. 0.00069 BIYYO says:

    මූට නට් ලූස්.. 😀 😀😀 😀😀 😀

    මහින්දානන්ද තරමි අනුන්ට අපහාස, උපහාස කරපු කටහැකරයෙක් ඉතිහාසෙම ඉඳල නෑ. දැන් මුගේ බහින කලාව. දැන් මූ ගලේ පැහැරෑ බලලා වගේ.

  9. Dengu Nona says:

    Lollaa, Ane palayan boru nokiyaa! Meyaage moona ketha naha. Balapanko .. huththak wage kata kochchara shoke da?