අගමැති රනිල්ගේ දේශපාලන දිවියට 40 වසර සමරා ඉඩම් බෙදයි..

August 15, 2017 at 2:05 am | lanka C news
අගමැති රනිල්ගේ දේශපාලන දිවියට 40 වසර සමරා ඉඩම් බෙදයි..

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමෙන්තු දිවියට වසර 40ක් පිරිම නිමිති කරගෙන මාතලේ දිස්ත්‍රික්කයේ රජයේ ආයතන සදහා ඉඩම් කට්ටි ලබා දිම කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතාගේ ප්‍රධානත්වයෙන් මාතලේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදි සිදු කෙරුණි.

ඒ අනුව මෙම ඉඩම් ලබා දිම සිදු කෙරුණේ මාතලේ ඇම් සි පාර ප්‍රදේශයේ පිහිටි රජයේ ඉඩමෙන් වන අතර මාතලේ සිංහල බෞද්ධ විද්‍යාලයට,ජාතික තරුණ සේවා සභාවේ තරුණ මධ්‍යස්ථානය,ර්‍ශ්‍ර ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ මාතලේ ශාඛාව ,මාතලේ බාලදක්ෂ සංගමය,මාර්ගස්ථ මගි ප්‍රවාහන අධිකාරියේ මාතලේ කාර්යාලය ඉදිකිරිම සදහා මෙම ඉඩම් ලබා දිම සිදු කෙරුණි.

මෙම අවස්ථාව සදහා මාතලේ සිංහල බෞද්ධ විද්‍යාලයේ අධ්‍යක්ෂ ගල්කුලමේ උපරතන හිමි,මාතලේ ප්‍රාදේශිය ලේකම් කේ.පි.කේ මධූවන්ති,ජාතික තරුණ සේවා සභාවේ මාතලේ සහකාර අධ්‍යක්ෂ එල්.කේ රත්නායක යන මහත්වරුන් ඇතුලු විශාල පිරිසක් එක්වි සිටියිහ.

 

27 views

One Comment to “අගමැති රනිල්ගේ දේශපාලන දිවියට 40 වසර සමරා ඉඩම් බෙදයි..”

  1. King says:

    this is not his ancestral property. will end up in FCID?

Main News