උතුරේ නිදහස් කල ඉඩම් ගැන පූරණ වාර්ථාවක් උතුරු ආණ්ඩුකාර ඉල්ලයි..

January 23, 2019 at 8:56 am | lanka C news
උතුරේ නිදහස් කල ඉඩම් ගැන පූරණ වාර්ථාවක් උතුරු ආණ්ඩුකාර ඉල්ලයි..

යුද්දෙන් පසුව නැවත පදිංචියට ගිය ජනතාව වෙත ආරක්ෂක අංශ විසින් මුල් පදිංචි කරුවන් වෙතට නිදහස් කරන ලද ඉඩම්හි පූරණ වාර්ථාවක් ලබා දෙන ලෙසට උතුරු පලාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේස් රාඝවන් මහතා කියා සිටියේය.

උතුරු ආණ්ඩුකාරවරයා මේ බව කියා සිටියේ ඊයේ (22) දින යාපනය පුස්තකාල ශ්‍රවනාගාරයේදී උතුරු පලාතේ දිස්ත්‍රීක්ක පහේම දිසාපතිවරුන් ඇතුලු ප්‍රාදේශීය ලේකම් වරුන් සමග පැවති විශේෂ සාකච්ඡාවක් අතරතුරදීය.

මෙම සාකච්ඡාවේදී උතුරු පලාතේ නැවත පදිංචි වූ ජනතාව ඇතුලු සාමාන්‍ය ජනතාවගේ උපාය වර්ධනය කරන කෂිකර්මාන්ත කටයුතු වලදී පැන නැගී ඇති ගැටලු සම්බන්ධයෙන්ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කොට එම ගැටලු වෙනුවෙන් ජනතාවට දිය හැකි විසඳුම්ද සාකච්ඡා කරනු ලැබීය.

අනතුරුව උතුරු ආරක්ෂක අංශ සතුව පවතින ඉඩම් හා නිදහස් කරන ලද ඉඩම් සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුනු අතර දැනට පවතින ගැටලු වෙනුවෙන් විසඳුම් ලබ ගැනීම සඳහා පළමුව යුද්දයෙන් පසුව උතුරු පලාතේ දිස්ත්‍රීක්ක පහේම නැවත පදිංචියට ගිය ජනතාව වෙනුවෙන් ඔවුන්ගේ මුල් ඉඩම් ආරක්ෂක අංශ විසින් නිදහස් කර ඇති ඉඩම් ප්‍රමාණයන් පිළිබඳ පූරණ වාර්ථාවක් ලබා දෙන ලෙසට ඒ ඒ දිස්ත්‍රීක්කයන් භාරව සිටින දිසාපති වරුන්ට උතුරු ආණ්ඩුකාර වරයා විසින් දැනුම් දෙනු ලැබීය.

ඒ සඳහා ග්‍රාමසේවක වරුන්ගේ සිට ප්‍රාදේශීය ලේකම් වරුන් දක්වා රාජ්‍ය අංශ වලින් සහය ලබා ගන්නා ලෙසට උතුරු ආණ්ඩුකාර තුමන් විසින් සියලු දිසාපති වරුන්ට දැනුම් දෙන ලදි.

යාපනය පුස්තකාල ශ්‍රවනාගාරයේ පැවති සාකච්ඡාව වෙනුවෙන් වව්නියාව දිස්ත්‍රීක් දිසාපති අයි.එම්.හනීෆා මහතා, කිලිනොච්චය දිස්ත්‍රීක්ක දිසාපති සුන්දරම් අරුමේයිනායගම් මහතා, මන්නාරම් දිස්ත්‍රීක් දිසාපති සී.ඒ. මෝහන්රාස් මහතා, මුලතිව් දිස්ත්‍රීක් දිසාපතිනි රූපවතී කේදීස්වරන් මහත්මිය සහ යාපනය දිස්ත්‍රීක් දිසාපති නාගලිංගම් වේදනායගම් මහතා ඇතුලු ප්‍රාදේශීය ලේකම් වරුන් සහභාගී වී සිටියහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

3,556 Viewers

2 Comments to “උතුරේ නිදහස් කල ඉඩම් ගැන පූරණ වාර්ථාවක් උතුරු ආණ්ඩුකාර ඉල්ලයි..”

  1. sakalabujan says:

    Y not available any Sinhala representative for this meeting ???

    Who will take care the Sinhala people’s land problem of North ?????

  2. LION says:

    දුම්රිය දෙපාර්තමේන්තුව, වී අලෙවි මණ්‌ඩලය, කන්කසන්තුරේ වරාය ඇතුළු රජයට අයත් ඉඩම් රැසක කොටි මහවිරු පවුල් යෑයි හඳුන්වන පිරිස්‌ පදිංචිව සිටින බව හෙළිවී ඇත.යාපනය කච්ෙච්රියේ තිබූ ඉඩම් ඔප්පු සියල්ල විනාශ කර දැමීමෙන් පසු මෙම ඉඩම් කොටි සංවිධානය විසින් ඔවුන්ට ලබා දී තිබේ. 2009 මැයි මස 20 දායින් පසු උතුරේ ඉඩම් සඳහා ව්‍යාජ ඔප්පු රැසක්‌ සකස්‌ වී ඇති බව ද හෙළිවී ඇත.

Main News