උතුරේ නිරෝධායන මධ්‍යස්ථාන වල පුද්ගලයින් 580ක්…

March 24, 2020 at 2:06 am | lanka C news
උතුරේ නිරෝධායන මධ්‍යස්ථාන වල පුද්ගලයින් 580ක්…

විදෙස් රටවල සිට ශ්‍රීලංකාවට පැමිණි පුද්ගලයින්ගෙන් 580 දෙනෙකු ගුවන් හමුදාව විසින් උතුරු පලාතේ පිහිටුවා ඇති කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයන්හි මේ වන විට නිරෝධායන කටයුතුවල නිරත වන බවට ගුවන් හමුදාව පවසයි.

ගුවන් හමුදා අණදෙන නිලධාරී එයාර් මාෂල් සුමංගල ඩයස් මහතාගේ උපදෙස් පරිදි වන්නි දිස්ත්‍රීක්කයේ , කිලිනොච්චිය හා මුලතිව් දිස්ත්‍රීක්කයන්හි පිහිටා ඇති ගුවන් හමුදා කඳවුරුවල නිරෝධායන මධ්‍යස්ථාන පිහිටුවා පුද්ගලයින් නිරෝධායන කටුයුතු සිදු කිරීමට පියවර ගෙන ඇත.

මේ අනුව වන්නි නිරෝධායන මධ්‍යස්ථානයේ පුද්ගලයින් 206 දෙනෙකුද , කිලිනොච්චිය ඉරණමඩු මධ්‍යස්ථානයේදී පුද්ගලයින් 171 දෙනෙකුද, මුලතිව් කේපාපිලව් මධ්‍යස්ථානයේදි පුද්ගලයින් 203 දෙනෙකුද නිරෝධායනය වන බවට ගුවන් හමුදාව පවසයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

3,635 Viewers
Main News