උතුරේ පාසල් වෙනුවෙන් නවීන පහසුකමින් යුත් ස්මාරට් පංතිකාමර 100ක්…
October 18, 2019 at 2:02 am | lanka C news
උතුරේ පාසල්හි අධ්‍යාපනය වර්ධනය කිරීමේ තවත් පියවරක් වශයෙන් නවීන පහසුකම් වලින් යුත් ස්මාර්ට් පංති කාමර 100 ක් ලබාදීමට ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන හා යෞවන කටයුතු අමාත්යං ශය විසින් පියවර ගෙන ඇත.
රුපියල් මිලියන 44 ක් වෙන් කොට ඇති මෙම ස්මාර්ට් පංතිකාමර ව්‍යාපෘතියේ පළමු පියවර වශයෙන් යාපනය පේදුරුතුඩුව හාර්ටිලි විද්‍යාලයේ ස්මාර්ට් පංති කාමරයක් සිසු අයිතියට පත් කල අවස්ථාවේදී එම අමාත්‍යංශයේ ලේකම් වී.සිවඥානසෝති මහතා මේ බව පැවසීය.
නවීන තාක්ෂණය යොදා ගනිමින් පාසල් දරුවන්ට අධ්‍යාපනය ලබා දීම සඳහා මේ වන විටත් යාපනයේ පාසල් 26 ක් ගුරුවරුන් 52 දෙදෙනෙකු පුහුණුවක් ලබා දී ඇති අතරම එමගින් උතුරු අධ්‍යාපනයේ නව පුනරුදයක් ඇති කිරීමට හැකි වන බවටද වී.සිවඥානසෝති මහතා වැඩි දුරටත් පැවසීය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
උතුර නැත්නම් යූ.එන්.පී ය ඉවරයි. සේරම කරන්නේ එහාට. මොකද බාප්පගේ පුතා ඉන්නේ එහෙනේ.