උතුරේ පුරප්පාඩු ඇමති ධූර දෙකට විග්නේෂ්වරන් දිවුරයි..

June 22, 2017 at 2:27 am | lanka C news
උතුරේ පුරප්පාඩු ඇමති ධූර දෙකට විග්නේෂ්වරන් දිවුරයි..

උතුරු පලාත් කෘෂිකර්ම හා අධ්‍යාපන අමාත්‍යංශ වල අමාත්‍ය වරුන් ඉල්ලා අස්වීමෙන් පසුව පුරප්පාඩු වී තිබූ එම අමාත්‍යංශ දෙක උතුරු මහඇමති යටතට පවරා ගනිමින් ඊයේ (21) සවස උතුරු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා ඉදිරියේදී උතුරු මහඇමති සී.වී.විග්නේෂ්වරන් දිව්රුම් දෙනු ලැබීය.

මේ අනුව අද සවස 3.30 ට අධ්‍යාපන , සංස්කෘතික,ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය වරයා වශයෙන්ද  කෘෂිකර්ම ගොවිජන සේවා ,සත්ව පලාන ,ජලසම්පාදන හා වාරිමාර්ග,ආහාර සැපයුම් හා බෙදාහැරීම්, පරිසර හා සමූපාකාර සංවර්ධන යන අංශයන්හි වැඩබලන අමාත්‍ය වරයා වශයෙන් උතුරු ආණ්ඩුකාර වරයා ඉදිරියේදී දිවුරුම් දීම සිදු විය.

උතුරු පලාත් සභාවේ මෙතෙක් කල් අධ්‍යාපන සංස්කෘතික,ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය වරයා විශයෙන් සිටි ටී.කුරුකුලරාජා හා කෘෂිකර්ම, ගොවිජන සේවා ,සත්ව පලාන ,ජලසම්පාදන හා වාරිමාර්ග,ආහාර සැපයුම් හා බෙදාහැරීම්,පරිසර හා සමූපාකාර සංවර්ධන අමාත්‍ය වරයා වශයෙන් සිටි පී.අයින්ගරනේෂන් යන අයට දූෂණ චෝදනා එලල වීමෙන් පසුව එම අමාත්‍ය වරුන් දෙදෙනාම ඉල්ලා අස්විය.

මෙසේ අද දින උතුරු මහඇමති වරයා විසින් උතුරු ආණ්ඩුකාර වරයා ඉදිරියේ දිවුරුම් දෙමින් පුරප්පාඩු වූ අමාත්‍ය ධූර දෙක තාවකාලිකව පවරගත් බවටත් ඉදිරියේදී එම අමාථ්‍යධූර වෙනුවෙන් නව අමාත්‍යවරුන් දෙදෙනෙකු පත් කිරීමට නියමිත බවටද උතුරු පලාත් සභා දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී එම්.කේ සිවාජිලිංගම් මහතාගෙන් විමසීමේදී කියා සිටියේය.

උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය වරයා දිවුරුම් දීමේ අවස්ථාවට ආණ්ඩුකාර ලේකම් එන්.ඉලංකෝවන් මහතා ඇතුලු පිරිසක් සහභාගී වූහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

50 views

One Comment to “උතුරේ පුරප්පාඩු ඇමති ධූර දෙකට විග්නේෂ්වරන් දිවුරයි..”

  1. alaya says:

    එතකොට දැන් නීති ඔස්තාර්ලා සමහරු කිව්වා නේද ජනාධිපතිට විතරයි පළාත් සභාවේ ඇමතිකම් පවරගන්ඩ පුළුවන් කියල………

Main News