උතුරේ ප්රභාකරන් සැමරුවා කියා පෙන්වා ඇත්තේ තමිල්නාඩුවේ පින්තූර.. බොරැු ප්‍රචාර යැවූවන් ගැන පරීක්ෂණ..- ආරක්ෂක රාජ්‍ය ඇමති
November 29, 2017 at 10:40 am | lanka C news
කොටි සංවිධානය තහනම් ත්‍රස්තවාදී සංවිධානයක් බැවින් එම සංවිධානය හෝ එහි නායක ප්රභාකරන් සැමරීමට කිසිදු ඉඩක් නැති බව ආරක්ෂක රාජ්‍ය ඇමති රුවන් විජයවර්ධන මහතා පවසයි.
බියගමදී පැවති උත්සව සභාවකට සහභාගී වීමෙන් පසු මාධ්‍ය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.
මෙවන් තත්වයක් යටතේ කොටි සංවිධානය හෝ ප්රභාතරක් සැමරීමක් සිදුව ඇත්තේ නම් ඒ සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ෂන ඒකකය යොදවා පරීක්ෂණ ආරම්භ කරන බවද ඔහු පැවසීය.
මියගිය අය සැමරීමට ඕනෑම අයෙකුට අයිතියක් ඇතත් ත්රස්තවාදීන් සැමරීම නීති විරෝධී බවත ඇමතිවරයා පවසයි.
කෙසේ වෙතත් ඇතැම් සිදුවීම් මෙරට සිදු වූ ලෙස පෙන්වන්නේ දකුණු ඉන්දියාවේ සිදු කල කොටි සැමරුම්වල පින්තූර බවත් සදහන් කරන ඇමතිවරයා ඒ සම්බන්ධයෙන්ද පරීක්ෂණ කරන බව සදහන් කරයි.
විපක්ෂය ඒ ආකාරයේ කුමන අසත්‍ය ප්‍රකාශ ගෙන ගියත් රජයට බලපෑමක් කල නොහැකි බවද ඔහු වැඩි දුරටත් එහිදී කියා සිටියේය.
Ko wadi… putho Jathika Kodiya ussapu nathi Keats action
කළු සුද්දෝ
එක්සත් ජාතික පක්ෂයේ මීළඟ නායකයා කවුද? ඒ ප්රශ්නය අසන්නේ පාක්ෂිකයන් පමණක් නොවේ. දේශපාලනය ගැන උනන්දුවක් දක්වන ඕනෑම අයෙකු ඒ ප්‍රශ්නයට පිළිතුරක් දැනගැනීමට කැමැතිය.
එක්සත් ජාතික පක්ෂයේ මීළඟ නායකයා වීමට කාලාන්තරයක් පුරා පාරමී පිරුවේ සජිත් ප්‍රේමදාසය. එනමුත් රනිල් වික්‍රමසිංහගේ තේරීම වී ඇත්තේ සජිත් නොව රුවන් විජයවර්ධන බව පෙනෙන්නට තිබේ.
මුං කරන්නේ ආඳා යවා තබාලා වල් පත ගත්තා සේ වැඩකි. .සංහිඳියාව දඩ මීමා කරගෙන අපේ රූකඩ නායකයෝ හොර ගල් අහුලති . සිංහලයින්ට බය නැති අකමැති 2001දි කල දේම නැවතත් සිංහලයින්ට කරන්න අර අඳිමින් සිටින බවත් ඔහුගේ ගෝල බාලයින් ඒවාට අනුබල දෙමින් ගැඩවිල් ප්‍රථිපත්තියක් අනුගමනය කරන බවත් සත්‍යයක්.එකී ගැඩවිල්ලනට මුක්කු ගැසූ ශ්‍රිලනිපයේ පිංගුත්තර ඇමතියන් මග සිටියොත් තෝ නසී ගෙදර ගියොත් අඹු නසී න්‍යායයෙන් කල දවස ගෙවා දමමින් සිටිති.උතුරේ වෙනම රාජ්‍යයක් නිර්මාණය කරන්නට පෙරම අපේ හිවල් නායකයින් යාපනය විශ්ව විද්‍යාලය තමිල්නාඩු විශ්ව විද්‍යාලයක් බව අර්ථ ගන්වති.
චෞර රැජින කියූ කථාව හරියටම හරිය.”කොන්ද පණ ඇති එකෙක්වත් මේ යහපාලනයේ නැත .”
එතකොට විග්නේශ්වරන් ඉන්නෙත් ඉන්දියාවෙ වෙන්නැති. බයිසිකල් කල්ලිය ඉන්නෙත් ඉන්දියාවෙ .