උතුරේ බිම් බෝම්බ ඉවත් කිරීමට නෝර්වේ රාජයෙන් මුදල්…

March 11, 2019 at 2:05 am | lanka C news
උතුරේ බිම් බෝම්බ ඉවත් කිරීමට නෝර්වේ රාජයෙන් මුදල්…

2019 වසරේ සිට වසර 3 ක කාලයක් සඳහා උතුරේ බිම් බොම්බ ඉවත් කිරීමේ කාර්ය වෙනුවෙන් නොර්වේ රජයෙන් නොවේජියානු මුදලින් රුපියල් මිලියන 60 ක මුදල් ආධාරයක් ලබා දීමට පියවර ගෙන ඇත.

මේ අතර නෝවේජියානු විදේශ සබඳතා පිළිබඳ අමාත්‍යංශයේ රාජ්‍ය ලේකම් මැරියන් හේගන් මහත්මිය ඇතුලු නියෝජිත පිරිසක් උතුරු පලාතේ නිරීක්ෂණ සංචාරයක නිරත වූ අතර එහිදී මුහමාලෙයි ප්‍රදේශයේ බිම්බෝම්බ ඉවත් කිරීමේ නිරතව සිටින රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයින් හමු වී බිම් බෝම්බ ඉවත් කිරීමේ ප්‍රගතිය පිළිබඳව නිරීක්ෂණයක නිරත විය.

නොර්වේ රජයේ මුදල් ආධාර මත මුහමාලෙයි ප්‍රදේශයේ හලෝ ට්‍රස්ට් සහ මැග් නැමති රාජ්‍ය නොවන සංවිධාන විසින් බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු වල නිරත වෙයි.

එහිදී ගෙවී ගිය 2018 වසරේදී උතුරු නැගෙනහිර ප්‍රදේශයන්හි බිම්බෝම්බ 94% ක ප්‍රමාණයක් ඉවත් කොට අවසන් වී ඇති අතර ඉදිරි වසර 3ක කාලය වන විට බිම්බෝම්බ වලින් තොර ශ්‍රීලංකාවක් වශයෙන් හැඳින්වීමට හැකි වන බවට මෙහිදී බිම්බෝම්බ ඉවත් කිරීමේ නිරතවන රාජ්‍ය නොවන සංවිධාන නිලධාරීන් පැවසූහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

815 Viewers
Main News