උතුරේ මත්ද්‍රව්‍ය ජාවාරම් නිසා ජන ජීවිතය අවධානමේ …
July 4, 2018 at 2:08 am | lanka C news
දිනෙන් දින උතුරු පලාත තුල මත්ද්‍රව්‍ය ජාවාරම හා මතට ඇබ්බැහි වීම් හේතුවෙන් උතුරේ අපරාධයන් වැඩි වී ඇතත් වත්මන් රජය කිසිදු පියවරක් ගෙන නොමැති බව කියමින් මුලතිව්හි විරෝධතාවන් පැවත්වුණි.
මුලතිව් තුනුක්කායිහි ප්‍රාදේශීය ලේකම් කාර්යාල සේවකියින් හා ප්‍රදේශයේ මල්ලාවි අනිංජින්කුලම් පාසලේ සිසු දැරියන්ද එක් වී මෙම විරෝධතාවයට එක් වූහ.
ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් විසින් යතුරුපැදි යොදා ගනිමින් ප්‍රදේශයේ වීදි පුරා ගමන් කරමින් ජනතාව දැනුවත් කොට සිටියේ මත් උවදුරින් දරු පරපුර මෙන්ම පවුල රැකගත යුතු ආකාරය පිළිබඳව දැනුවත් කරවමිනි.
මල්ලාවි අනිංජින්කුලම්හි පාසල් දරු දැරියන්ද එක්වා පාසල ඉදිරිපිටට රැසව විරෝධතාවක නිරත වෙමින් කියා සිටියේ උතුරේ මත්දුව්‍ය උවදුර නිසා අසරණ කුඩා දැරියන් බිලි ගැනීම වැඩි වී ඇති අතරම කාන්තා හිංසනයන් හා ළමා අපයෝජනයන් වැනි සියලු දුරාචාරයන් සිදුවන්නේ මත් උවදුර හිස ඔසවා තිබීම නිසාවෙන් පොලීසිය ඇතුලු රජයේ සියලුම බලධාරීන් එක්ව විධිමත් ඉක්මනි පියවරක් ගෙන උතුරේ හිස ඔවසන මත් උවදුර මැඩලීමට පියවර ගත යතු බවට පෙන්වා දෙමිනි.
– වන්නි රොමේෂ් මධුෂංඛ