උතුරේ මහවිරු සැමරුම සූදානම්..

November 25, 2019 at 6:48 pm | lanka C news
උතුරේ මහවිරු සැමරුම සූදානම්..

නොවැම්බර් මස 22 වනදා සිට 27 වනදා දක්වා යෙදී ඇති මහවිරු සතිය නිමිත්තෙන් උතුරේ මහවිරු සමරුම් ස්ථාන කිහිපයක් මහවිරු පවුල් ඥාතීන් විසින් සූදානම් කරන අයුරු දැක ගැනීමට හැකිය.

මහවිරු දිනය සමරීම වෙනුවෙන් උතුරේ පිහිටි පැරණි මහවිරු සොහොන් භූමි පැවති ස්ථාන එලි පෙහෙලි කරන අයුරු මේ දිනයන්හි දැකගත හැකි අතර යුද්දයෙන් පසුව අදාල මහවිරු සොහොන් කොත් සියල්ලක්ම ආරක්ෂක අංශ විසින් ඉවත් කිරීමට පියවර ගන්නා ලදි.

නොවැම්ර් 27 වනදාට යෙදී ඇති මහවිරු දිනය සැමරීම වෙනුවෙන් මුලතිව් , කිලිනොච්චි, යාපනය, මන්නාරම හා වවුනියාව දිස්ත්‍රීක්කයන්හි තොරාගත් ස්ථාන කිහිපයකදී මහවිරු දින සැමරීමේ උත්සව සංවිධානය කිරීමට පියවර ගෙන ඇත.

කෙසේ වෙතත් මෙවර මහවිරු සැමරුම් වෙනුවෙන් තහනම් ත්‍රස්ත සංවිධානයක් වූ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ කිසියම් නීතිවිරෝධී සැමරුමක් සිදුවන්නේද යන්න පිළිබඳව උතුරේ ආරක්ෂක අංශ විසින් පූර්ණ අධීක්ෂණයකට ලක් කොට ඇති අතර එවැනි තහනම් සැමරීමක සිදු කරනු ලබන්නේ නම් එම පිරිස් වෙනුවෙන් නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක කිරීමටද පියවර ගෙන ඇත.

කොටි සංවිධානයේ කරන්ල් වරයෙකුවූ ශංකර් යුද සමයේදී ආරක්ෂක අංශ ප්‍රහාරයකින් 1982 වසරේ නොවැම්බර් 27 වනදා මිය යාමත් සමග එවක පටන් යුද්දය අවසන් වන තුරු කොටි සංවිධානය විසින් යුද්දයේදී මිය ගිය සාමාජිකයින් සමරා මහවිරු දිනය පැවත්වූ අතර යුද්දය අවසන් වීමෙන් පසුව මහවිරු පවුල් ඥාතීන් දෙමළ දේශපාලන පක්ෂ සහභාගීත්වයෙන් මහවිරු දිනය සමරනු ලැබීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

731 views

6 Comments to “උතුරේ මහවිරු සැමරුම සූදානම්..”

  1. Addma says:

    Denna apa sadaranna. Mekenma stop karanna janapathi tumani

  2. LION says:

    උතුරේ මහවිරු සැමරුම කරන සියලුම ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගෙන සිර ගත කරනු…..නැත්නම් ප්‍රජා අයිතිය අහෝසි කර අපේ මව් මෙන් පිටමං කරනු
    අපේ රටේ LTTE ත්‍රස්තවාදීන් සැමරීම තහනම් කරනු

  3. sky says:

    BAN TNA TAMIL TERRORISTS PARTY

  4. Nihal says:

    How JVP doing this in south ? They are terrorists too.

  5. Raterala says:

    JVP ඉල් මහ සැමරුම ත් LTTE මහවිරු සැමරුම ත් දෙකම තහනම් කලයුතුය.

Main News