උතුරේ මහා ඉඩම් මංකොල්ලයක්… රජයද සම්බන්ධ යයි චෝදනා..
January 27, 2021 at 6:26 am | lanka C news
පුරාවිද්‍යා නිලධාරීන්, ආරක්ෂක අංශ, කොන්ත්‍රාත් සමාගම් විසින් උතුරේ සාමාන්‍ය ජනතාවගේ ඉඩම් කොල්ලකෑමේ උත්සහයක නිරතවන බව පවසමින් උතුරේ දෙමළ දේශපාලන පක්ෂ නායකිව් පිරිසක් යාපනයේදී විශේෂ සාකච්ඡාවක් පවත්වනු ලැබීය.
යාපනය නල්ලූර් තරුණ සංස්කෘතික ශාලාවේදී පැවති මෙම සාකච්ඡාව වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානය, දෙමළ ජනතා ජන්ධානයේ නියෝජිතයින් සහ යාපනය විශ්වවිද්‍යාල සිසුන් පිරිසක්ද මෙම සාකච්ඡාව සඳහා සහභාගී වී සිටියහ.
එහිදී පැවති සාකච්ඡාවට සහභාගී වූවන් කියා සිටියේ මුලතිව් කුරුදුමලෙයි ඇතුලු ප්‍රදේශයන් හා යාපනයේ නිලාවරෙයි හා කන්දරෝඩ් යන ප්‍රදේශයන්හි මේ දිනයන්හි වැඩි වශයෙන් ඉඩම් කොල්ලයන් සිදුවන අතර මේ සඳහා රජයේද යම් මැදිහත්වීමක් ඇති බවට පැවසූහ.
දෙමළ ජනතාවගේ පුරාතන ආගමික ස්ථානයන් මෙලෙසින් පුරාවිද්‍යා ස්ථාන ලෙසින් නම් කිරීමේ ක්‍රියාවලියක්ද සිදුවන අතරම පුරාවිද්‍යා නිලධාරීන්ට ඒ සඳහා ආරක්ෂක අංශවලින්ද සහය ලැබී තිබීම හේතුවෙන් දෙමළ ජනතාව දැඩි පීඩාවනට පත්ව සිටින බවටද පැවසූහ.
එමෙන්ම මේ හේතුව නිසා දෙමළ ජනතාව හා පුරාවිද්‍යා නිලධාරීන් අතර හා ආරක්ෂක අංශ කෙරෙහි දැඩි වෛරී සිතුවිල් හටගෙන ඇති බැවින් මේ පිළිබඳව අවධානය යොමු කොට උතුරේ අනවශ්‍ය පුරාවිද්‍යා කැනීම් හා ඉඩම් අත්පත් කරගැනීම් නවතා දැමීමට රජය කඩිනම් පියවරක් ගන්නා තුරු තම අරගලයන් ඉදිරියටද සිදු කරන බවට මෙම සාකච්ඡාවේදී තීරණය කොට ඇත.
සාකච්ඡාව වෙනුවෙන් පාර් ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ටී. සිද්ධාර් තන්, සී.වී.විග්නේශ්වරන්, හිටපු මන්ත්‍රීවරුන් වන මාවෙයි සේනාධිරාජා, ඊ. සර් වනභවන්, සුරේස් ප්‍රේමචන්ද්‍රන්, එම්.කේ. සිවාජිලංගම් ඇතුලු පක්ෂ නියෝජිතයින් හා යාපනය විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් සහභාගී වී සිටියහ.
– වන්නි රොමේෂ් මධුෂංඛ
ඔක්සිජන් කන්නද යකො ? වනාන්තර ටිකට කෙලලා බහුජාතික සමාගම් වලට දෙන්න ඔනේ , ඉලෙක්ශන් කැම්පේන් වලට ඉන්වෙස්ට් කරපු උන්ට දෙන්න ඔනේ ,පවිල හැන්ඩ්ල් කරන ගජමිතුරන්ට දෙන්න ඔනේ , තොපිනං කියයි , අනික මේ වනාන්තර ටික එලිපෙහෙලි කරලා වියාපෘති ටිකක් කලා කියලා උබලාගේ ඇගෙන් ඇටයක් යනවද ? නෑනේ , ඔක්සිජන් ,ශාක ,සත්ව සම්පත කන්නද යකො ? අමූ මීහරක්.
උතුරේ ඉඩම් සියල්ලම අයිති හෙළයන්ට ලන්දේසින් දුන් කොලවගාවට ගෙනාපු කුලිකරුවන්ට කිසිම අයිතියක් නැහැ.
දෙමළ ජනතාවගේ පුරාතන ආගමික ස්ථාන තිබෙන්නේ දකුණු ඉන්දියාවේ.
උතුරේ දෙමල ඉතිහාසය
යාපනයේ සහ වන්නියේ ජීවත් වූ දෙමළ ජනතාව අතීතයේ දී හැඳින්වූයේ මලබාර් වැසියන් ලෙසටයි. ඔවුහු යාපනයේ දෙමල ජනතාව ලෙසට ස්ථාපිත කෙරෙනුයේ ඉංග්‍රීසීන්ගේ පාලන සමයේදීය. යාපනෙයේ මාලබාර් වැසියන්ට පොදු වූ තේසවලාමෙයි නීතිය යටතේ ද ඔවුන් හඳුන්වන ලද්දේ මලබාරයන් ලෙසටයි. එම තත්ත්වය තුළ යාපනයේ ජීවත්ව සිටින දෙමල ජනතාවට වසර දෙසිය පණහක පමණ ඉතිහාසයක් හිමිය. ඔවුහු වරින් වර මලබාරයෙන් සංක්‍රමණය වෙමින් ලංකාවේ පදිංචියට පත් වී තිබේ. යාපනයේ වත්මන් මහ ඇමතිවරයා වන විග්නේශවරන් ද මලබාර වැසියෙකු ගේ මුණුපුරෙකි. සම්බන්ධන්ද එසේය. ප්රභාකරන්ද එසේය. ඔවුන්ගේ පරම්පරා පැටිකිරිය සලකා බලන කල්හි. දකුණු ඉන්දීය සම්භවයක් සහිත කල්ලතෝනින් ලෙසට හැඳින්විය හැකිය.
1946 ජන සංගණනය අනුව යාපනයේ පහත රට සිංහලයන් 3215 ක් ද උඩරට සිංහලයන් 1331 ක්ද ජීවත්ව ඇත. ලන්දේසි පාලන සමයේ අවසාන කාලයේදී සිදුවූ ආගමික පරිවර්තනයද සමඟ සිංහලයන් වන්නියටද මහනුවර රාජධානිය දක්වාද පලායැමට උත්සාහ කළහ. එයට හේතුව යාපනයේ තිබූ පාරම්පරික ගම්බිම් ලන්දේසීන් විසින් ආක්‍රමණය කොට විහාරස්ථාන කඩාබිඳ දමා සිංහලයන් විනාශ කිරීමයි. ලන්දේසි පාලන සමයට පෙරාතුව වත්මන් වලිකාමම් නොහොත් වැලිගම පාලන වසමේ පූනාල, බතකෝට්ටේ, මූලි, ආනෙයිකොට්ටේ, කීරමලය ඇතුළු සිංහල ගම් බිම් පණහක්ද වඩමාරච්චි පාලන වසමේ වැලිවැටිය, ලීලගම, තඹල, අම්බන ඇතුළු සිංහල ගම්බිම් දහසයක්ද තෙන්මාරච්චි පාලන වසමේ කොහිල කන්ද, වනන්දිය, මන්ඩාවිල, පල්ලාවි ඇතුළු සිංහල ගම්බිම් පහළොවක්ද පච්චීලපල්ලිවල මොහමලේ, ඉටාවිල, කොස්සම්පත්තු, තඹලගම ඇතුළු සිංහල ගම්බිම් දහහතරක් ද පුවඟු දිවයින කාරදිව කැස්බදූව ඇතුළු අනෙකුත් දූපත්වල ගම්බිම් විස්සක් පමණද තිබී ඇත. නෙදර්ලන්තයේ බීල්ඩ් බෑන්ක් ලේඛනාගාරයේ තිබෙන වර්ෂ 1695 ට අයත් පැරණි සිතියමකට අනුව සිංහලයන්ගේ පාරම්පරික ඉඩකඩම් මොනවාදැයි හඳුනාගත හැකිය. එ අවදියේ දකුණු ඉන්දියාවත් ලංකාවත් අතර ජන සංක්‍රමණ සිදු විය. පරංගි ලන්දේසි යුද්ධ නිසා අවතැන් වූ මලබාරයන් වහලුන් ලෙසට යාපනයේ සහ වන්නියේ පදිංචි කිරීම සිදු වූයේ ලන්දේසි පාලනය ඇරඹීමෙන් පසුව ය.