උතුරේ යතුරු පැදි කණ්ඩායම් නොනැවතේ.. ක්ලබ් එකකට පැන පහර දෙයි.. බස්වලට ගල් ගහයි..
October 27, 2016 at 12:00 pm | lanka C news
ඊයේ දිනයේදීද යාපනයේ කරෙයිනගර්දී යතුරු පැදිවලින් පැමිණි පිරිසක් විසින් එහි සමාජ ශාලාවන්හි සිටි තරුණ පිරිසකට ප්රහාර එල්ල කර ඔවුන්ගේ යතුරු පැදිවලට හානි කර ඇති අතර පහරකෑමට ලක් වූ තරුණයන් තිදෙනකු තුවාල ලබා ඇති බවත් පොලීසිය සදහන් කරයි.
එසේම ගුරුනගර් ප්රදේශයේදී බස් රියකට ගල් ගසා ඇති අතර එවෙලේ බස් රථයේ මගීන් සිට නැතැයිද පොලීසිය කියයි.
මෝටර් බටිසිකල්වලින් ගොස් ප්රචණ්ඩ ක්රියාවන්හි යෙදෙන්නේ ‘ආවා ගෲප්’ නම් පිරිසක් බවට පසුගියදා වාර්තා පලවිය.