උතුරේ යුද හමුදාව ආත්ම ගණනක් පල දෙන පින් අතේ වැඩක..
December 13, 2017 at 8:02 am | lanka C news
කිලිනොච්චිය පුනරීන් ප්‍රදේශයේ නැවත පදිංචි ඉතා දුෂ්කර ගම්මානයක නැවත පදිංචි ජනතාවගේන් ඇස් පෙනීම දුර්වල වූ වැසියන් වෙනුවෙන් නොමිළේ ඇස්පරික්ෂාවක් හා ඇස් කණ්ණාඩි බෙදා දීමේ වැඩසටහනක් පවත්වනු ලැබීය.
කිලිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන මහතාගේ උපදෙස්වලට අනුව 66 වන සේනාංකයේ සේනංකාධිපති තුමන්ගේ මගපෙන්විම යටතේ 663 වන බළසේනා මුලස්ථානය විසින් මෙම ඇස් පෙනිම අඩු පුද්ගලයින් සදහා ඇස් කණ්නාලූ බෙදා දීමේ ප්‍රජා සත්කාරක වැඩසටහන සංවිධානය කරන ලදි.
මෙම ප්‍රජා සත්කාරය ජාතික අක්ෂිදාන දිනයට සමගාමිව ශි‍්‍ර ලංකා අක්ෂිදාන සංගමය විසින් කි‍්‍රයාත්මක කරනු ලැබු අතර” මෙහිදි ඇස් පෙනිම අඩු පුද්ගලයින් වෙත ඇස් කණ්නාඩි 398 ක් ලබා දෙන ලදි’ මෙහිදි විශේෂඥ වෛද්‍ය අජන්ත අබේගුණවර්ධන මහතා ඇතුලු වෛද්‍ය කණ්ඩායම විසින් අක්ෂි සායනය පවත්වන ලදි.
අක්ෂා සායනයේ ආරම්භක උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ආරක්ෂක සේනා මුලස්ථානය කිලිනොචිචි ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවනෙ, 66 වන සේනාංකයේ සේනාංකාඹ්පති මේජර් ජෙනරාල් දුමින්ද කැප්පටිවලාන ,663 බළසේනාධිපති තුමන්” ඇතුලු යුද්ධ හමුදා ජ්‍යේෂ්ඨ නිලධාරින් ශි‍්‍ර ලංකා අක්ෂිදාන සංගමයේ සභාපති ඊ.එමි.එචි.බමොරගස්වැව මහතා ඇතුලු එම කාර්ය මණ්ඩලය සහ සිවිල් වැසියන් විශාල පිරිසක් සහභාගී වූහ.
– වන්නි රොමේෂ් මධුෂංඛ