උතුරේ රැකියා විරහිත උපාධිධාරීන් 884 දෙනෙකුට ස්ථීර ගුරු පත්වීම්…

August 13, 2018 at 2:04 am | lanka C news
උතුරේ රැකියා විරහිත උපාධිධාරීන් 884 දෙනෙකුට ස්ථීර ගුරු පත්වීම්…

උතුරු පලාතේ රුකියා විරහිත උපාධිධාරීන් 884 දෙනෙකුට ස්ථීර ගුරු පත්වීම් ලබා දීමට රජය පියවර ගෙන ඇති බවට උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතා කියා සිටියේය.

ප්‍රධාන අමාත්‍ය වරයා මේ බව කියා සිටියේ උතුරු පලාතේ රැකියා විරහිත උපාධිධාරීන් පිරිසකට යාපනය පුස්තකාල ශ්‍රවනාගාරයේදී ස්ථීර ගුරු පත්වීම් ලබා දීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

අදාල ස්ථීර ගුරු පත්වීම් 884 න් උතුරු පලාතම ආවරණය වන පරිදි පළමු පියවර වශයෙන් ස්ථීර ගුරු පත්වීම් 194 ක් උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය වරයාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

මේ අනුව යාපනය දිස්ත්‍රීක්කයට ස්ථීර ගුරු පත්වීම් 534ක්ද, කිලිනොච්චිය දිස්ත්‍රීක්කයට ගුරු පත්වීම් 71ක්ද, මුලතිව් දිස්ත්‍රීක්කයට පත්වීම් 73ක්ද, මන්නාරම් දිස්ත්‍රීක්කයට පත්වීඹ් 126ක්ද, වව්නියාව දිස්ත්‍රීක්කයට පත්වීම් 80 ක්ද ප්‍රධානය කිරීමට නියමිතව ඇත.

පසුගිය දිනයන්හි වසරකට ආසන්න කාලයක් උතුරු පලාතේ රැකියා විරහිත උපාධිධාරීන් විසින් සිදු කරන ලද විරෝධතාවන්ට විසඳුමක් වශයෙන් මෙසේ ස්ථීර ගුරු පත්වීඹ් ලබා දීමට පියවර ගෙන ඇත.

ගුරු පත්වීම් ලබා දීමේ උත්සව අවස්ථාවට තවද උතුරු පලාත් අධ්‍යාපන අමාත්‍ය කන්දයියා සර්වේස්වරන්, උතුරු පලාත් සභාවේ සභාපති සී.වී.කේ. සිවඥානම් මහතා සහ උතුරු පලාත් සභාවේ විපක්ෂ නායක සින්නතුරෙයි තවරාසා ඇතුලු පිරිසක් සහභාගී වූහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

22 views

2 Comments to “උතුරේ රැකියා විරහිත උපාධිධාරීන් 884 දෙනෙකුට ස්ථීර ගුරු පත්වීම්…”

  1. sakalabujan says:

    කිළිනොච්චිය විශ්ව විද්‍යාල භූමියේ ස්ථාපිත කොට ඇති බුදු මැදුර සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයෙන් විරෝධයක් මතු වී තිබෙනවා.

  2. CORBRA says:

    දෙමළ සුළු ජාතිකයන්ට ඉක්මන් විසදුම් ..සිංහල උපාධිධාරීන්ට වතුර පාර ගෑස් පහර …සිරිසේනගේ සංහිදියාව

Main News