උතුරේ වල් අලින් 18 ක් මිය ගිහින්…

April 23, 2018 at 8:02 am | lanka C news
උතුරේ වල් අලින් 18 ක් මිය ගිහින්…

විදුලි රැහැන් යෙදවීම හා හක්කපටස් වෙඩි යෙදවීම ඇතුලු විවිධ ක්‍රියාකාරකම් හේතුවෙන් උතුරු පලාතේ පසුගිය 2017 වසරේ සිට මේ දක්වා වල් අලින් 18 දෙනෙකු මිය ගොස් ඇති බවට උතුරු පලාත් භාර පශු වෛද්‍ය නිලධාරී බී.ගිරිධරන් මහතා කියා සිටියේය.

වෛද්‍යවරයා මේ බව කියා සිටියේ වව්නියාව පූවර්සන්කුලම් කැලෑ ප්‍රදේශයේදී මිය ගොස් සිටි වල් අලි පැටවෙකුගේ මළ සිරුරක් හමු වීමෙන් පසුවය.

මිය ගොස් සිටි වල් අලි පැටවා වයස අවුරුදු 3 ක් පමණ වන අතරම අලි පැටවා මිය යාමට හේතුව නිශ්චිතවම හෙලි නොවුනද විදුලි රැහැනක් හෝ හක්ක පටස් වෙඩිල්ලක් යෙදවීමෙන් මෙම වල් අලියා මිය ගොස් ඇති බවට වනජීවි නිලධාරීන් සැක පල කර සිටිති.

කෙසේ වෙතත් පසුගිය කාලය පුරාවට උතුරු පලාතේ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වන සතුන් විශාල ප්‍රමාණයක් මිය යාම හා තුවාල ලබන බවටද මේ වන විට තොරතුරු අනාවරනය වී ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

144 views
Main News