උතුරේ වැසියන්ට ආදර්ශයක් වෙමින් යුද හමුදාව තවත් උතුම් වැඩක් අරඹයි…

March 24, 2018 at 2:19 am | lanka C news
උතුරේ වැසියන්ට ආදර්ශයක් වෙමින් යුද හමුදාව තවත් උතුම් වැඩක් අරඹයි…

උතුරේ නැවත පදිංචි වැසියන්ගේ ගෙවතු හා ගම්මාන, මාර්ග ඇතුලු පොදු ස්ථාන පිරිසිදුව තබා ගැනීමෙන් ඩෙංගු වැනි රෝග මර්ධනය කිරීමට හැකි බව පවසමින් කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් මේ දිනවල ප්‍රධාන මාර්ගයන් අවට ප්‍රදේශ පිරිසිදු කිරීමේු වැඩ සටහනක් ආරඹා ඇත.

කිලිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් අජිත් කාරිය කරවන මහතාගේ උපදෙස් පරිදි 574 බළසේනාවේ  බළසේනාධිපති කර්නල් සෝමවීරගේ අධික්ෂණයෙන් එක් පියවරක් වශයෙන් මාන්කුලම් ප්‍රදේශය ඒ 9 මාර්ගය හා ඒ 34 මාර්ගයන් දෙපස පිරිසිදු කිරිමෙ වැඩසටහනක් ආරම්භ කරනු ලැබීය.

මේම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වුයේ ඩෙංගු මදුරුවන් වියාප්ත විම වැළැක්විම හා මාන්කුලම් පරිසරය   පිරිසිදුව තබා ගැනිම සහ ජාතින් අතර සංහිදියාව ඇති කිරිමය.

ශ්‍රමදානය සදහා පුදුකුඩුඉරිප්පු ප්‍රදේශිය සභාවේ නිළධාරින්, මාන්කුලම් ප්‍රදේශයේ සිවිල් වැසියන්  සහ පාසල් ළමුන් ද සහභාගි වු ප්‍රදේශයේ සාමාන්‍ය වැසියන්ද දැනුවත් කොට සිටියේ අවට පරිසරය පිරිසිදුව තබා ගැනීමෙන් ඇති වටිනාකම පිළිබඳවය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

62 views

One Comment to “උතුරේ වැසියන්ට ආදර්ශයක් වෙමින් යුද හමුදාව තවත් උතුම් වැඩක් අරඹයි…”

  1. Amda says:

    හමුදාව වැලි ගෝනි අදිනවා කිව්ව එව්වො කෝ දැන් ?
    මුන්ගෙ කුනු අදින්නද හමුදාව ඉන්නේ ?

Main News