උතුරේ වැසියන්ට නව අත්දැකීමක්… කලිනොච්චියේ ට්‍රැක්ටර් රේස් තරඟ…

July 25, 2019 at 2:09 am | lanka C news
උතුරේ වැසියන්ට නව අත්දැකීමක්… කලිනොච්චියේ ට්‍රැක්ටර් රේස් තරඟ…

උතුරේ ගොවිතැන් කටයුතු වෙනුවෙන් යොදාගන්නා යන්ත්‍ර සූත්‍ර අතර ප්‍රධාන වන ට්‍රැක්ටරය යොදා ගනිමින් තරඟාවලියක් පැවත්වීමට කිලිනොච්චිය වට්ටකච්චි වෙළඳ සංගමය විසින් පියවර ගෙන තිබුණි.

වට්ටකච්චි පොදු ක්‍රීඩාංගනයක පැවති මෙම ට්‍රැක්ටර් තරඟය වෙනුවෙන් කිලිනොච්චියේ ගොවිතැන් සිදු කරන ගොවීන් සිය ට්‍රැක්ටර් යොදා ගත් අතර මෙම අමුතුම අත්දැකීම විඳීමට විශාල ජනතාවක්ද සහභාගී වූහ.

එහිදී ට්‍රැක්ටරය ට්‍රේලරයද සමගින් ක්‍රීඩා පිටියට රැගෙනවිත් පළමුව ට්‍රැක්ටරය ට්‍රේලරයෙන් ඉවත් කොට තබන අතර අනතුරුව තරඟය ක්‍රියාත්මක වීමේදී ට්‍රැක්ටරය පැමිණ නැවත ට්‍රේලරය අමුණාගෙන පිටුපසටම ධාවනය කොට ජයග්‍රාහි සීමාවට පැමිණෙන්නාට එහිදි  ජය හිමි වූ අතර ජයග්‍රාහකයින්ට ත්‍යාග ලබා දීමටද සංවිධායකියින් පියවර ගත්හ.

කිලිනොච්චියේ ගොවීන්ට උතුරේ ජනතාවටද මෙය නව අත්දැකීමක් වූ අතරම ගොවීන් ගොවිතැනට යොමු කිරීමට ගත් උත්සහයක් බවටද මෙම තරඟාවලිය සංවිධානය කළ බවද වට්ටකච්චි වෙළඳ සංගමය වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

5,133 Viewers

2 Comments to “උතුරේ වැසියන්ට නව අත්දැකීමක්… කලිනොච්චියේ ට්‍රැක්ටර් රේස් තරඟ…”

  1. කුඩා දරුවා says:

    මෙය දකුණේ අපටත් අළුත් දෙයක්

  2. ට්‍රැක්ටරය රේස් says:

    භයානක සෙල්ලමක්, ට්‍රැක්ටරය රේස් පැදීමට සැදු වාහනයක් නොවේ. එමගින් සිදුවන් අනතුරකින් ජීවිත හානි වීමේ අවදානම ඉතා වැඩියි.

Main News