උතුරේ විපත දරුණු වෙයි.. වැසියන් 70,000ක් පීඩාවේ..

December 25, 2018 at 8:40 am | lanka C news
උතුරේ විපත දරුණු වෙයි.. වැසියන් 70,000ක් පීඩාවේ..

අයහපත් කාලගුණය හේතුවෙන් උතුරු ප්‍රදේශයට බලපෑ ගංවතුර තත්වය නිසා පවුල් 23,000 කට පමණ අයත් පුද්ගලයින් 70,000ක් පමණ පිරිසක් විපතට පත්ව ඇති අතර නිවාසද පූරණ 10 ක් විනාශ වී ඇති අතර අර්ධ වශයෙන් නිවාස 224කට හානි සිදුව ඇති බවට ජාතික ආපාදාකලමනාකරන ඒකකයේ වාර්ථා අනුව පෙන්වා දී ඇත.

මේ අනුව විපතට පත් වැසියන්ගෙන් පවුල් 3291 කට අයත් පුද්ගලයින් 10,332 දෙනෙකු ආරක්ෂිත කඳවුරු 34 ක රඳවා සිටින බවටද ආපදා කලමනාකරන ඒකකය විසින් පෙන්වා දෙයි.

මේ අනුව වැඩිම පිරිසක් විපතට පත්ව ඇත්තේ කිලිනොච්චිය දිස්ත්‍රීක්කය වන අතර එහි කරච්චි, කණ්ඩාවලෙයි සහ පච්චිලෙයිපල්ලි යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි පවුල් 11,688 කට අයත් පුද්ගලයින් 38,534 දෙනෙකු විපතට පත්ව ඇති අතර එහිදී නිවාස පූර්ණ 7ක් සහ අර්ධ නිවාස 221 කට හානි සිදු වී විපතට පත පවුල් 2064 කට අයත් පුද්ගලයින් 6882 දෙනෙකු ආරක්ෂිත කඳවුරු 20 ක රඳවා ඇත.

උතුරු පලාතෙන් දෙවනුව වැඩිම පිරිසක් විපතට පත්ව ඇත්තේ මුලතිව් දිස්ත්‍රීක්කයේ වන අතර එහිදී ඔඩ්ඩුසුඩාන්, පුදුකුඩිඉරිප්පු, තුනුක්කායි, මැරටියන්පත්තු, මාන්තෙයි නැගෙනහිර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි පවුල් 6520 කට අයත් පුද්ගලයින් 20737 දෙනෙකු විපතට පත්ව ඇති අතර ආරක්ෂිත කඳවුරු 13 කදී පවුල් 1200 කට අයත් පුද්ගලයින් 3365 දෙනෙකු රඳවා ඇති බවට ආපදා කලමනාකරන ඒකකය පෙන්වා දෙයි.

අනතරුව මන්නාරම් නගරයේ සහ නානාට්ටාන් ප්‍රදේශයන්හි පවුල් 27 කට අයත් පුද්ගලයින් 85 දෙනෙකුද වව්නියාව දිස්ත්‍රීක්කයේ පවුල් 77 කට අයත් පුද්ගලයින් 281 දෙනෙකුද යාපනය දිස්ත්‍රීක්කයේ මරදන්කේනි ප්‍රදේශයේ 273 කට අයත් පුද්ගලයින් 708 දෙනෙකුද විපතට පත්ව ඇති බවට ආපදාකලමනාකරන ඒකකය විසින් පෙනවා දෙයි.

මේ අතර ජනාධිපතිතුමන්ගේ නයෝගයන් පරිදි කිලිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් රැල්ෆ් නුගේරා මහතාගේ සහ 57 වන සේනංකාධිපති මේජර් ජෙනරල් විජිත රවිප්‍රිය මහතාගේත් මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මෙජර් ජෙනරල් දුෂ්‍යන්ත රාජගුරු මහතාගේ නායකතවයෙන් යුත් යුද හමුදා සෙලුන් දහසකට වැඩි ප්‍රමාණයක් ගංවතුරින් විපතට පත් වැසියන් මුදවා ගැනීමේ කටයුතු හා ආරක්ෂිත කඳවුරු වෙතට පහසුකම් සැපයීම්ට යොදවා ඇත.

ඊට අමතරව නාවික හමුදාව හා ගුවන් හමුදාවද උතුරේ ගංවතුරින් විපතට පත් වැසියන් මුදා ගැනීමේ කටයුතු වලට එක්ව සිටිති.

උතුරේ ගංවතුරින් වැඩිම බලපෑමකට ලක් වූ කිලිනොච්චිය නගරය ඉරණමඩු ජලාශය වාන් දැමීම හේතුවෙන් ජලයෙන් යටවී ඇති අයුරු ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානයකින්ද වැසියන් ගංවතුරින් කොටුවී ඇත්දැයි නිරීක්ෂණය කරනු ලැබීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

4,862 Viewers

5 Comments to “උතුරේ විපත දරුණු වෙයි.. වැසියන් 70,000ක් පීඩාවේ..”

  1. Nishantha says:

    Eyala gana ballanta batahira thanapathi warui asura balayai tiyenawa.asura balayata saha batahira jatheenta lankawa kiyanne uthuru nagenahira witharai.api sulu jatheen

  2. desta says:

    ane rani rani UNP TNA ekka udawa karanna chande ganna witarak nemei

  3. Dayani says:

    We can see how our forces in the North are illtreating the Tamil people in dire straits.!!!
    The UN and the Western countries perhaps didn’t/don’t want to see how our Navy was helping these unfortunate people.!!!
    Hope these countries yapping about racial discrimination, open their eyes widely and see how our forces and the relevant authorities are helping Tamil people.!!!!!

  4. දෙමළ ඩයස්පෝරා යුඩ අපරාධ ගැන …කේ අමාරුව තියන යූ.එන් පකාලා තාම පත්තරේ බලලා නැද්ද කොහෙද…

  5. Saradiel says:

    එන මැතිවරණයේදී දෙමළ ජනතාව TNA පක්ෂයට හොද පාඩමක් දේවි

Main News