උතුරේ සිංහල ගුරුවරුන් උතුරු පලාත් සභා අධ්‍යපන අමාත්‍යංශය ඉදිරිපිට හිඳගනිති..

August 3, 2017 at 8:02 am | lanka C news
උතුරේ සිංහල ගුරුවරුන් උතුරු පලාත් සභා අධ්‍යපන අමාත්‍යංශය ඉදිරිපිට හිඳගනිති..

උතුරේ සිංහල ගුරුවරුන් වසර පහකට වැඩි කාලයක් කොන්ත්‍රාත් පදනම මත සේවය කලද මෙතෙක් පත්වීම් ස්ථීර නොවි ඇති බව පවසමින් ඊයේ යාපනය උතුරු පලාත් සභාවේ අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට හි ද ගනිමින් විරෝධතාවක නිරත වූහ.

උතුරු පලාත් කොන්ත්‍රාත් පදනම මත සේවය කල ගුරුවරුන් 50 ක් පමණ දෙනා උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා උතුරු පලාත් සභා කාර්යාලයේදී මුණ ගැසී සාකච්ඡා කොට ඇති අතර එහිදී උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය වරයා සිංහල ගුරුවරුන් හට දැනුම් දී ඇත්තේ ගුටලුව විසීමට තමන්ට දින දෙකක් දෙන ලෙසටය අනතුරුව සිංහල ගුරුවරුන් විසින් පලාත්සභා අධ්‍යාපන අමාත්‍යංශයේ ලෙකම් වරයා හමු වී සාකච්ඡා කිරීමේදී ලේකම් වරයාගේ හා ප්‍රධාන අමාථ්‍ය වරයාගේ ප්‍රකාශයන් පරස්පර වීම නිසා ප්‍රදාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන්ගේ ප්‍රකාශ විශ්වාශ නොමැති වීමෙන් එම පිරිස පලාත්සභා අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට හිඳගෙන ඇත.

මෙසේ විරෝධතාවයේ නිරත වූ සිංහල ගුරුවරුන් කියා සිටින්නේ,

‘කොන්ත්‍රාත් පදනම මත වසරක් හෝ දෙකක් සේවය කල දමිළ ගුරුවරුන්ගේ සේවය ස්ථීර කරද වසර පහකට වැඩි කාලයක් කොන්ත්‍රාත් පදනම මත සේවය කරන උතුරේ සිංහල ගුරුවරුන් 167 ක් පමණ දෙනා මේ වන විටත් සේවය ස්ථීර නොකෙරීම නිසාවෙන් තමන්ට දැඩි අසාධාරණයක් සිදුව ඇති බවටත් තමන්ට විධිමත් විශවාශදායි විසුමක් ලැබෙන තුරු පලාත් සභාවෙන් පිට නොවන බවටයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

32 views