උතුරේ සිංහල ජනපද එපා.. දහස් ගණනක් ජනතාව වීදි බැස විරෝධතා.. යාපනය සරසවි සිසුනුත් එක්වේ…

August 29, 2018 at 6:30 am | lanka C news
උතුරේ සිංහල ජනපද එපා.. දහස් ගණනක් ජනතාව වීදි බැස විරෝධතා.. යාපනය සරසවි සිසුනුත් එක්වේ…

මහවැලි එල්කලාප නිර්මාණය කරන මුවාවෙන් මුලතිව් දිස්ත‍්‍රික්කයේ සිංහල ජනතාව පදිංචි නොකරන ලෙස ඉල්ලා මුලතිව් දිස්ත‍්‍රික්කයේ දෙමළ ජනතාව සහ සිවිල් සංවිධාන මුලතිව් නගරයේ විරෝධතාවක නිරත වූහ.

මුලතිව් නගර මධ්‍යෙය් සිට විරෝධතා කරුවන් විශාල පිරිසක් විසින් විරෝධථා පාගමනකින් මුලතිව් දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයට පැමිණි අතර දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය ඉදිරිපිටදී විරෝධතාව දියත් කල අතර අදාල විරෝධතාවට සහය දක්වමින් මුලතිව් නගරයේ වෙළඳසැල්ද වසා දමා තිබුණි.

මොරගහකන්ද ජලාශ සහ කළු ගඟ ව්‍යාපෘති ඔස්සේ උතුරට ජලය ගෙන එන මුවාවෙන් මහවැලි කලාප නිර්මාණය කර සිංහල ජනතාව පදිංචි කිරීමේ වැඩපිළිවෙළක් සිදුකරන බවත් විරෝධතාකරුවෝ පවසති.

අපේ ඉඩම් හා අපේ උරුමයට අත නොතබනු , උතුරට මහවැලිය එපා, දෙමළ ජනාවාස තුළ සිංහල ඉදිකිරීම තවත් ජනසංහාරයක් බවට සටන්පාඨ හා පුවරු රැගෙන විරෝධතාවයේ නිරතවූහ.

විරෝධතාව සඳහා දෙමළ ජාතික සන්ධානයේ පලාත් සභා මන්ත්‍රී ටී.රවිහරන් ඇතුලු දේශපලඥයින් පිරිසක් මෙන්ම යාපනය සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ සිසුන් විශාල පිරිසක්ද මෙම විරෝධතාවය සඳහා සහය දැක්වීය.

මහවැලි කලාපයන් ලෙසට වැලිඔය හා මුලතිව් යන ප්‍රදේශ නම් කොට ඇතිත් මේ දක්වා එම ප්‍රදේශයන් වෙතට බීමට හෝ ජලය නොමැති අවස්ථාවක සිංහල වැසියන් පදිංචි කරවීම පමණක් සිදු කෙරෙන හේතුවෙන් දැනට ජීවත්වන ජනතාවගේ අවශ්‍ය ගැටලු සොයා බලා විසඳුම් ලබා දී තවත් පිරිස් පදිංචි කරවීම පිළිබඳ දෙවනුව අවධානය යොමු කිරීමට වත්මන් රජය පියවර ගත යුතු බවටත් වහාම මහවැලි යෝජනා ක්‍රමය යටතේ නැවත පදිංචි කරවීම සියල්ලක්ම නවත්වන ලෙසටද විරෝධතා කරුවන් වැඩි දුරටත් කියා සිටියහ.

විරෝධතාව අවසානයේ විරෝධතා කරුවන් විසින් මුලතිව් දිසාපතිනිය රූපවතී කේදීස්වරන් මහත්මිය වෙතට සන්දේශයක් භාර දුන් අතර සන්දේශය භාර ගනිමින් දිසාපතිනිය කියා සිටියේ අදාල ගැටුලව සම්බන්ධායෙන් රජයේ බලධාරීන් දැනුවත් කොට ඉක්මන් පිළිතුරක් ලබා දෙන බවටය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

170 views

13 Comments to “උතුරේ සිංහල ජනපද එපා.. දහස් ගණනක් ජනතාව වීදි බැස විරෝධතා.. යාපනය සරසවි සිසුනුත් එක්වේ…”

  1. Fyhg says:

    සිංහලයනි නැගිටිව් තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරව්!දෙමළ ජනතාව අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරයි නම් අපිට එය නරක ද ??? අපේ අනාගත පරම්පරාවට කුමක් වෙයි ද ?

  2. Nandasoma says:

    දකුණේ ඉන්න දෙමළ, මුස්ලිම් අයත් කොහෙට හරි යන්න සූදානම් උනොත් හොඳයි……!

Main News