උතුරේ හා නැගෙනහිර විදේශ ගතවුවන්ට ඡන්ද බලය ලබාදෙන්න විශේෂ පනතක් පාර්ලිමේන්තුවට..
May 10, 2017 at 6:48 pm | lanka C news
ඡන්ද දායකයන් ලියාපදිංචි කිරීමේ විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3,4,12 වගන්තිවලට පටහැනි බැවින් ජනමත විචාරණයකදී ජනතාවගේ අනුමැතියෙන් තොරව සම්මතකළ නොහැකි බවට තීරණය කරන මෙන් ඉල්ලා ඊයේ (09) දිනයේ පිවිතුරු හෙළ උරුමය මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කරන ලදී.
මෙම පනත් කෙටුම්පත මගින් උතුරු සහ නැගෙනහිරින් විදේශ ගතවු පිරිසට ඡන්ද බලය ලබාදීම අරමුණු කොට ඇත.
නීතිඥ ඩේවිඩ් වීරරත්න මහතා මගින් ගොනුකර ඇති මෙම පෙත්සම විභාග කිරීමේදී ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා පෙනී සිටිනු ඇත.
– අරවින්ද අතුකෝරල